නව හැවිරිදි පුතනුවන්ට තම ෆෙරාරි රථය පැදැවීමට දුන් ඉන්දීය ව්‍යාපාරිකයෙකුට එරෙහිව නීතිය කි්‍රයාත්මක කිරීමට එරට පොලිසිය සැරසේ.

සිය පුතණුවන්ගේ නව වැනි උපන් දිනය වෙනුවෙන් මේ ව්‍යාපාරිකයා පොරොන්දුවී තිඛෙනුයේ තම මිල අධික

එමෙන්ම වේගවත් ෆෙරාරි   මෝටර් රථය තනිව පදවාගෙන යාමට අවස්ථාව ලබා දෙන බවයි.පොරොන්දු ප්‍රකාරව පුතනුවන්ට රථය පැදවීමට දී ඇති ඔහු එම අවස්ථාව වීඩියෝ ගත කර යූ ටියුබ් වැනි වීඩියෝ පට හුවමාරු කර ගත හැකි වෙබ් අඩවි වලටද එක් කළේය.

මේ වීඩියෝව දුටුවන් කළ පැමිණිලි වලින් මෙහෙයවී ඇති පොලිසිය දැන් ව්‍යාපාරිකයාට එරෙහිව බලපත්‍ර නැති පුද්ගලයෙකුට මෝටර් රථයක් පදවාගෙන යාමට ඉඩ ලබා දීමත් එම සිදුවීමේ වීඩියෝවක් අන්තර්ජාලයට එක් කිරීමෙන් අනෙක් පුද්ගලයන්ටද වැරදි ආදර්ශයක් ලබා දීමත් යන චෝදනා යටතේ නඩු පැවැරීමට යයි.

මෝටර් රථයද නුදුරේදීම පොලිස් භාරයට ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.