ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ රෝහල්වල ඇඳන් හිඟයක් ඇති වී ඇතැයි නවදිල්ලියේ මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල් පැවැසීය.
දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් වැඩි වීමත් සමඟ ඔක්සිජන් පහසුකම් සහිත ඇඳන්වල හිඟයක් ඇතැයි හෙතෙම කීය.
වයිරස ආසාදිතයන්ගේ ශීඝ්‍ර වැඩි වීමත් සමඟ එක ඇඳකට රෝගීන් දෙදෙනකු දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ.
නවදිල්ලියෙන් සිකුරාදා දිනයේ දී පමණක් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 24,000 ඉක්මවා ගියේ ය.
නවදිල්ලියේ පමණක් නොව ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල මේ වනවිට ඔක්සිජන් සිලින්ඩර්, ඔක්සිජන් පහසුකම් සහිත ඇඳන්, අවශ්‍ය බෙහෙත් මෙන්ම එන්නත්වල හිඟයක් නිර්මාණය වෙමින් තිබෙන බව වාර්තා වේ.
“තත්ත්වය හරිම දරුණුයි. ඔක්සිජන් සැපයුම් අඩු වෙමින් යනවා” යැයි මේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අර්වින්ද් කෙජ්රිවාල් කීය.
නවදිල්ලියේ පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කරන සෑම හතරදෙනකුගෙන්ම එක් අයකුට වයිරසය ආසාදනය වී ඇතැයි ද හෙතෙම කීවේය.
“ඔක්සිජන් පහසුකම සහිත ඇඳන් අඩු වේගෙන යනවා. දැඩි සත්කාර සඳහා මේවා අවශ්‍යයි. ඒවා දැන් රෝගීන්ගෙන් පිරිලා” යැයි ද ඔහු තවදුරටත් කීවේය.
රොයිටර්
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවදිල්ලයේ ඇඳන් හිඟයක් ; එක ඇඳක දෙන්නයි