IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නවදිල්ලි නුවර අන්තර්ජාල සබඳතා අත්හිටුවයි

ඉන්දීය ගොවීන්ගේ විරෝධතා උත්සන්න වීමත් සමඟ නවදිල්ලි නුවර අවට ප්‍රදේශ කිහිපයක අන්තර්ජාල සේවා අත්හිටුවීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.

නව කෘෂිකාර්මික නීතිරීතිවලට විරෝධය පළ කරමින් ඉන්දීය ගොවීන් මෙලෙස විරෝධතා ආරම්භ කර තිබෙන අතර විරෝධතා අතරවාරයේදී ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වලින් එක් ගොවියෙක් මරණයට පත්විය. තවත් සිය ගණනක් තුවාල ලැබූහ.

නව කෘෂිකාර්මික නීතිවලට එරෙහිව ඉන්දීය ගොවීහු ඊයේ (31) උපවාසයක් ද ආරම්භ කළහ.

නව කෘෂිකාර්මික නීතිවලින් මහ පරිමාණ ආහාර මිලදී ගන්නන්ට වාසි සැලසෙන බවත් නිෂ්පාදකයන් පීඩාවට පත්වන බවත් ගොවීහු චෝදනා කරති.

මේ වනවිට මාස දෙකකට වැඩි කාලයක සිට නවදිල්ලි නුවර ආසන්නයේ මෙම විරෝධතා පැවැත්වෙන අතර ඊට ගොවීහු දස දහස් ගණනක් සහභාගී වී සිටිති.

මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා නවදිල්ලි නුවර ආසන්නයේ ස්ථාන තුනක මෙලෙස අන්තර්ජාල සේවා අත්හිටවූ බව ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

යම් නොසන්සුන්තාවක් ඇති වූ විට හෝ එවැනි අවදානමක් ඇති වූ විටෙක ඉන්දීය බලධාරීහු අන්තර්ජාල සේවා අවහිර කරති. විශේෂයෙන්ම නවදිල්ලි අගනුවර එවැනි තත්ත්වයක් උද්ගත වූ ඉන්දීය බලධාරීහු එවැනි පියවර ගනිති.

ඉන්දීය ජනගහනය බිලියන 1.3 ක් වන අතර ඉන් අඩක්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වී සිටිති. ඉන්දියාවේ ඉඩම් හිමි ගොවීන්ගේ සංඛ්‍යා මිලියන 150 ක් යැයි ඇස්තමේන්තු කර තිබේ. නරේන්ද්‍ර මෝදි 2014 වසරේ දී ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අවස්ථාවේ සිට මෙම පිරිස් අතර නොසන්සුන්තා පවතී.

ඉන්දීය බලධාරීන් සහ ගොවි සංගම් අතර මේ වනවිට සාකච්ඡා වට 11ක් පවත්වා ඇති නමුත් කිසිදු විසඳුමකට පැමිණීමට ඔවුන්ට නොහැකි වී ඇත.

මාස 18ක් යනතුරු මෙම නව නීති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට පියවර ගන්නා බව ඉන්දීය ප්‍රකාශ කර ඇති නමුත් මෙම නව නීති ඉවත් කරගන්නා තෙක් විරෝධතා ක්‍රියාත්මක කරන බව ඉන්දීය ගොවීහු අවධාරණය කරති.

රොයිටර්ස්

055



අදහස් (1)

නවදිල්ලි නුවර අන්තර්ජාල සබඳතා අත්හිටුවයි

chandana Wednesday, 03 February 2021 03:30 PM

විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය යැයි කියමින් අපි පාරම්බාමින් සිටිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site