ඉන්දියාවේ නවදිල්ලි නුවර පස් හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් අතර සිටි දෙවැනි සැකකරු ද පෙරේදා (22) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දෙවැනි සැකකරු ලෙස අත්අඩංගුවට ඇත්තේ පළමු සැකකරු 24 හැවිරිදි මනෝජ් කුමාර්ගේ සොහොයුරාය. ඔහු ඇඟලූම් කම්හල් සේවකයකු වන ප‍්‍රදීප් කුමාර්ය.
එම දැරිය අතුරුදන් වූයේ ඉකුත් 15 වැනිදාය. දින දෙකකට පසු සොයා ඇය නවදිල්ලි නුවර මහ රෝහලට ඇතුළත් කෙරුණි. ඇගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංදි මාර්ග පවසයි.
පළමු සැකකරු මනෝජ් කුමාර්ගේ අත්අඩංගුවට ගැනීමට නවදිල්ලි පොලිසිය කටයුතු කළේ ඉකුත් 17 වැනිදාය.
දැරිය පැහැර ගෙන ගොස් දූෂණයට ලක් කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින් පසුගිය දින කිහිපය පුරාවට නවදිල්ලි අගනුවර දැවැන්ත විරෝධතා රැලි පැවැත්විණි.
විරෝධතාකරුවෝ යළිත් වරක් ඉන්දීය රජයට චෝදනා කරන්න වූයේ ඉන්දිය කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට රජය අපොහොසත් කියාය. විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් දැන් දැන් අපේ රටේ අපචාර වැඩිවෙන බව පේනවා. මේවා වළක්වන්න දැන්ම ක්‍රියා නොකලොත් රටට ලොකු විනාසයක් වීම නවත්වන්න බැරි වෙනවා.(නදී)
අපේ තත්ත්වය මිට හපන් ඇති.මොකෝ පොලිසියට ඔක්කොම වාර්තා වෙන්නේ නැහැනේ.වාර්තා වුණත් ඒවාට ගැටුම් ඇති කර ගන්නේ නැහැ.හැබැයි පල්ලියක් එහෙම කොහේ හරි හැදුවා කිවුවොත් මරාගන්න යයි. (නි)
අපරටේ නීතියට වඩා ඉන්දියාවේ නීතිය ඉදිරියෙන් කියා මට සිතෙනවා. සරුව ලියනගේලා, ධර්මසිරිලා නිදහස් වෙන කාලයක නැවත මොන කතාද ?(නදී)
මුතු ඔයාගේ අදහස් වලට මම එකගයි. මම ඉන්නේ කටාර් වල. අපේ රට අනෙකුත් දකුණු ආසියාතික රටවල් එක්ක සංසන්දනය කිරීමේදී අපි ඉන්නේ ඉතාමත් සතුටුදායක ස්ථානයක. අධ්‍යාපනය, ගති පැවතුම්, හැසිරීම්මේ සියල්ලෙන්ම අපි ඉන්නේ ඉදිරියෙන්.අවංකව මම කියන්නේ ලංකාවේ ඉපදීමට ලැබීම පිළිබද අපි ආඩම්බර විය හැක (නි)
විශිෂ්ට කියමනක්...අපි කවදාවත් අපේ රට ගැන පහත් විදිහට හිතන එක හොද නැ නේ ...ගෆුර් ඔබ ඉතා විශිෂ්ටයි.(නදී)
අපේ රට ගැන එතරම් පහත විදියට හිතන්න එපා බණ්ඩාර සහෝදරයා. අනුන්ගේ රටවල අයිතිවාසිකම් රකින්න ඇමෙරිකාවට උල්පන්දම් දෙන ඉන්දියාවට උන්ගේ රටේ පොඩි එකෙක්වත් රැක ගන්න බැරිවෙලා. අද අනුන්ගේ ඇහේ පොල්කෙන්ද ගන්න කලින් තමන්ගේ ඇහේ පොල්පරාලයක් තියෙනබව අමතක වෙලා.(නදී)
ධනුෂ්ක, බොහොම ස්තුතියි. (නි)