IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


නවදිල්ලි අධිකරණයක් තුළ වෙඩි තැබීමක්

ඉන්දියාවේ නවදිල්ලි අධිකරණයක, නඩු විභාගයක් පැවැත්වෙද්දී, නීතීඥවරුන් ලෙස වෙස්වලා ගනිමින්, අධිකරණ ශාලාවට කඩා වැදුණු තුවක්කුකරුවන් දෙදෙනකු කළ වෙඩි තැබීමකින් අපරාධ කල්ලි නායකයෙක් ජීවිතක්ෂයට පත් විය.

නඩු විභාගය පැවැත්වෙමින් තිබුණේ, ජිතේද්‍ර ගෝජී නමැති එම අපරාධ කල්ලි නායකයාට එල්ල වුණු චෝදනා සම්බන්ධයෙනි. ජිතේද්‍ර ගෝජී යනු ඉන්දියාවේ ප්‍රකට අපරාධ කල්ලි නායකයකු වන අතර ඔහු පසුගිය වසරේ සිට තිහාර් බන්ධනාගාරයේ රදවා තැබුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

වෙඩි තැබීමත් සමග හටගත් කලබලය මැද, නීතීඥවරුන් හිස්ලූලූ අත දිව යන අයුරු දැක්වෙන විඩියෝ දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.

අපරාධ කල්ලි නායකයාගේ ආරක්ෂාවට පොලිස් කණ්ඩායමක් යොදවා සිටි බවත්, ඔවුන් සහ තුවක්කුකරුවන් දෙදෙනා අතරේ දරුණු වෙඩි හුවමාරු පැවැති බවත් පැවැසෙයි.

එම වෙඩි තැබීමෙන් තුවක්කුකරුවන් දෙදෙනා මරා දැමීමට හැකි වුවත්, ඒ වනවිට ඔවුන් සිදු කළ වෙඩි තැබිම්වලින් ජිතේද්‍ර ගෝජී මියගොස් සිටි බවත් පොලිසිය පසුව පැවැසීය.

ජිතේද්‍ර ගෝජී ට වෙඩි තබා ඝාතනය කරන්න ඇත්තේ 'තිල්ලු ගෑංග්'  නමැති අපරාධ කල්ලිය යැයි සැක කෙරේ. මෙම අපරාධ කල්ලිය සහ ජිතේද්‍ර ගෝජී අතර එදිරිවාදිකම් පැවැතිණි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

නවදිල්ලි අධිකරණයක් තුළ වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site