2024 වසරේ දී, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට රුසියානු 'රොස්කොස්මොස්' ආයතනය ගත් තීරණය වෙනස් කර තිබේ.
'රොස්කොස්මොස්' ආයතනය ඇමෙරිකානු 'නාසා' ආයතනයට දන්වා ඇත්තේ 2028 වනතුරු තමන් අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලට දායක වන බවය.
'රොස්කොස්මොස්' නව ප්‍රධානියා යුරි බොරිසෝව් පසුගිය දා කියා සිටියේ, යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව රුසියාවට දිගින් දිගටම සම්බාධක පනවමින් කෙණෙහිලිකම් කරන බැවින් ඊට විරෝධය දැක්වීමක් ලෙස රුසියාව 2024 දී අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවය.
'රොස්කොස්මොස්' ආයතනය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නාසා ආයතනය දැඩි කනස්සල්ල ද පළ කර තිබුණි.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වෙන්නේ නෑ