අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ 2024 PT5 යනුවෙනි. දුරේක්ෂ ආධාරයෙන් ඔවුන්ට ග්‍රහකය සොයා ගැනීමට හැකිවූයේ පසුගිය අගෝස්තු 7 වැනිදාය.
2024 PT5 ග්‍රහකය දින 53 ක්, එනම් සැප්තැම්බර් 29 වැනිදා සිට, ලබන නොවැම්බර් 25 දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී පෘථිවිය වටා කක්ෂයක ගමන් කරයි. එය දෙවැනි සඳක් යැයි පැවැසෙන්නේ ඒ නිසාය.
නොවැම්බර් 25 වැනිදා ග්‍රහකය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී විශ්වයේ ඈතට යෑමට නියමිතය.
2024 PT5 ග්‍රහකය මීටර් 10 ක පළලකින් යුක්ත බව පැවැසෙයි.
ග්‍රහකය පෘථිවිය වටා යද්දී එය පියවි ඇසින් හෝ සාමාන්‍ය දුරේක්ෂ ආධාරයෙන් හෝ දැක ගත නොහැකිය. හේතුව එය ඉතා වේගවෙන් ගමන් කරන කුඩා වස්තුවක් බැවිනි.
කෙසේ නමුත් තාරකා විද්‍යාඥයන් විශ්වය නිරීක්ෂණයට යොදා ගන්නා ප්‍රබල දුරේක්ෂවලින් කුඩා පැල්ලමක් ලෙස මෙම නව සඳ දැක ගැනීමට හැකිවනු ඇතැයි පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නව සඳ අද සිට
පිටිගල මිලානෝ Sunday, 29 September 2024 09:22 PM
නව සඳ ලංකාවට නම් හරිම වාසනාවන්තයි වගේ…