
බ්‍රිතාන්‍යයේ නව විදේශ ලේකම් (විදේශ අමාත්‍ය) යුක්රේනයේ ඔඩේෂා නුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී හමුවිය. බ්‍රිතාන්‍යයේ නව රජය ද, පෙර පැවැති රජය සේම, යුක්රේනයට අවශ්‍ය සෑම විටම ආධාර ලබා දෙන බවට නව විදේශ ලේකම් ජෝන් හේලි අවධාරණය කළේය.
ඔඩේෂා යනු යුක්රේනයේ වරාය නගරයයි. මෙම නගරයට රුසියන් හමුදා නිරන්තරයෙන් මිසයිල ප්‍රහාර එල්ල කරයි. බ්‍රිතාන්‍ය විදෙස් ලේකම් ධුරයට පත් වීමත් සමඟ ජෝන් හේලිගේ පළමු විදෙස් සංචාරය ලෙස මෙම යුක්රේන සංචාරය හැඳින්විය හැකිය.
රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට අවි ආයුධ, පතුරම් සහ මිසයිල ලබා දෙන බව ද බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිවරයා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවෙමින් පැහැදිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd