‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරසයේ, ‘බී.ඒ.1’ සහ ‘බී.ඒ.2’ උප ප්‍රභේදවලින් නිර්මාණය වුණු තවත් උප ප්‍රභේද දෙකක් චීනයේ නගර දෙකකින් හමුවී තිබේ. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී ඇති බව පැවැසෙයි.

මෙම නව උප ප්‍රභේද ‘බී.ඒ.1.1’ සහ ‘බී.ඒ.2.1’ යනුවෙන් නම් කිරීමට චීන සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. ‘බී.ඒ.1.1’ යන නමින් නම් කළ නව උප ප්‍රභේදය හමුවී ඇත්තේ චීනයේ සූෂෝ නමැති නගරයෙන් වන අතර, ‘බී.ඒ.2.1’ නව උප ප්‍රභේදය හමුවී ඇත්තේ ඩාලියන් නමැති නගරයෙනි.

ඩාලියන් නගරය පිහිටා ඇත්තේ, චීනයේ ෂැංග්හායි නුවර සිට කිලෝ මීටර් 70 ක් දුරිනි. මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් දරුණු ලෙස බැටකන චීන නගරයක් වන්නේ ෂැංග්හායි ය. ෂැංග්හායි චීනයේ ආර්ථික කේන්ද්‍රස්ථානයයි.

(රොයිටර්)