ඇමෙරිකාවේ සියැටල් නගරයේ සිට නැවක නැගී පසුගිය සෙනසුරාදා දින හතක චාරිකාවකට පිටත්ව ගිය සංචාරකයන් පිරිසක් බ්‍රහස්පතින්දා පෙරවරුවේ ගුවන් අනතුරකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
හොලන්ඩ් ඇමෙරිකා ලයින් නමැති සමාගමට අයත් එම්.එස්.වෙස්ටර්ඩෑම් සංචාරක නෞකාවේ ගමන් කරමින් සිටි අට දෙනකු ජලයේ ගොඩබැස්සවිය හැකි කුඩා ගුවන් යානයක නැගී නැව් ගමනට අමතරව ඇලස්කාවේ කඳු නැරඹීමට ගුවනින් ගිය බවත් ඔවුන් රැගත් යානය ඊසාන දිග ඇලස්කාවේ කන්දක හැපී විනාශ වී ඇති බවත් මාධ්‍ය වාර්තා පවසයි. මේ අනතුරින් යානය පැදවූ ගුවන් නියමුවා සහ සංචාරකයන් අට දෙනෙක් මියගියහ.
මේ සංචාරය ලොව ඇති නැව් ගමන් අතර ඉතා මිල අධික සංචාරයක් ලෙස පිළිගැනේ. ගමනේ දී මුහුදු ජීවීන්, අයිස් කඳු, මුහුදේ සිට නැරඹීමටත්, සීත පරිසරයේ ගුවනින් ගමන් කිරීමටත්, දිය ඇලි සහිත කඳුවැටි රැසක් ගුවනේ සිට නැරඹීමටත් අවකාශ ලැබෙයි.
අනතුර සිදුව ඇත්තේ එවැනි ගුවන් ගමනක් අතරතුරදී ය. අනතුරට පත් යානයේ සුන්බුන් සොයාගැනීම හැකිවූයේ අද අළුයම බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අධික ශීත දේශගුණයත්, කුණාටු සහිත කාලගුණික තත්ත්වයත් සෝදිසි මෙහෙයුම් ප්‍රමාද වීමට හේතුවක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් පුදුමයි නැවේ ගිහින් ගුවන් අනතුරකින් මරුට (නදී)
මේ මිනිස්සුන්ට සල්ලි වැඩිවෙලා ගෙදර ඉඳන් කාල බිල රස්සාවක් කරගෙන් ජිවත් වෙන්නේ නැතුව විහින් මැරිලා , අපට තිබෙන්නේ වෙන ප්‍රශ්න විදුලි බිල , වතුර බිල , දරුවන්ගේ ටියුෂන් පන්තියට ගෙවන්නේ කොහොමද වැනි දේවල් (බ)