IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


නැවේ මගීන් ගුවන් අනතුරින් මරුට

ඇමෙරිකාවේ සියැටල් නගරයේ සිට නැවක නැගී පසුගිය සෙනසුරාදා දින හතක චාරිකාවකට පිටත්ව ගිය සංචාරකයන් පිරිසක් බ්‍රහස්පතින්දා පෙරවරුවේ ගුවන් අනතුරකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

හොලන්ඩ් ඇමෙරිකා ලයින් නමැති සමාගමට අයත් එම්.එස්.වෙස්ටර්ඩෑම් සංචාරක නෞකාවේ ගමන් කරමින් සිටි අට දෙනකු ජලයේ ගොඩබැස්සවිය හැකි කුඩා ගුවන් යානයක නැගී නැව් ගමනට අමතරව ඇලස්කාවේ කඳු නැරඹීමට ගුවනින් ගිය බවත් ඔවුන් රැගත් යානය ඊසාන දිග ඇලස්කාවේ කන්දක හැපී විනාශ වී ඇති බවත් මාධ්‍ය වාර්තා පවසයි. මේ අනතුරින් යානය පැදවූ ගුවන් නියමුවා සහ සංචාරකයන් අට දෙනෙක් මියගියහ.

මේ සංචාරය ලොව ඇති නැව් ගමන් අතර ඉතා මිල අධික සංචාරයක් ලෙස පිළිගැනේ. ගමනේ දී මුහුදු ජීවීන්, අයිස් කඳු, මුහුදේ සිට නැරඹීමටත්, සීත පරිසරයේ ගුවනින් ගමන් කිරීමටත්, දිය ඇලි සහිත කඳුවැටි රැසක් ගුවනේ සිට නැරඹීමටත් අවකාශ ලැබෙයි.

අනතුර සිදුව ඇත්තේ එවැනි ගුවන් ගමනක් අතරතුරදී ය. අනතුරට පත් යානයේ සුන්බුන් සොයාගැනීම  හැකිවූයේ අද අළුයම බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  අධික ශීත දේශගුණයත්, කුණාටු සහිත කාලගුණික තත්ත්වයත් සෝදිසි මෙහෙයුම් ප්‍රමාද වීමට හේතුවක් විය.



අදහස් (0)

නැවේ මගීන් ගුවන් අනතුරින් මරුට

හේවාවිතාරණ Friday, 26 June 2015 09:27 PM

අහන්නත් පුදුමයි නැවේ ගිහින් ගුවන් අනතුරකින් මරුට (නදී)

:       0       0

සිල්වා Monday, 29 June 2015 09:50 AM

මේ මිනිස්සුන්ට සල්ලි වැඩිවෙලා ගෙදර ඉඳන් කාල බිල රස්සාවක් කරගෙන් ජිවත් වෙන්නේ නැතුව විහින් මැරිලා , අපට තිබෙන්නේ වෙන ප්‍රශ්න විදුලි බිල , වතුර බිල , දරුවන්ගේ ටියුෂන් පන්තියට ගෙවන්නේ කොහොමද වැනි දේවල් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 480 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2227 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1671 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site