සිංගප්පූරු සමුද්‍ර සන්ධියේදී ඉන්ධන ප්‍රවාහන නැවක ගැටීමෙන් වෙනත් භාණ්ඩ ප්‍රවාහන නැවක් ගිලී පුද්ගලයන් හය දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
අනතුරට පත්වූ කමිට්මන්ට් නමැති තෙල් නැව කේමන් දිවයිනේ ලියාපදිංචි කරන ලද්දකි. ගිලී ගිය නැව ඇන්ටිගුවවට අයත් තෝකෝ ක්ලවුඩ් නමැති නැවකි.
තෝමෝ ක්ලවුඩ් නැව ගිලීගොස් ඇත්තේ ඉන්දුනීසියානු දිවයිනක් වූ බටම් සිට කිලෝ මීටර 11ක් පමණ දුරක දී ය. අනතුර සිදුවන අවස්ථාවේ කමිට්මන්ට් නැවේ ටොන් 560ක තෙල් තිබූ බවත් අනතුරින් තෙල් කාන්දුවක් සිදුව නැති බවත් සිංගප්පූරු බලධාරීන් පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ තෝමෝ ක්ලවුඩ් නැවේ කාර්ය මණ්ඩලය 12 දෙනකු සිටි බවත් ඉන් හය දෙනකු දිවි බේරාගත් බවත් සිංගප්පූරු නාවික හා වරාය අධිකාරිය පවසයි.
ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ තෙල් කාන්දුවක් සිදුවුවහොත් හැකි ඉක්මණින් සාගරය පිරිසිදු කිරීමේ කටයුතු සදහා අදාල යාත්‍රාවක් සහ කාර්ය මණ්ඩලය වෙන්කැර තබා තිබෙන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායක පුවතක් (නි)