IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නව ජගත් මහලේකම් දිවුරුම් දෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහ ලේකම් ලෙස පෘතුගාලයේ අන්තෝනියෝ ගුටෙරස් දිවුරුම් දුන්නේය. 67 හැවිරිදි ගුටෙරස් 1995 සිට 2002 දක්වා පෘතුගාල අගමැති ලෙසද කටයුතු කළේය.

සිය වසර පහක ධූර කාලය නිමා කරමින් වත්මන් ජගත් මහ ලේකම් බැන් කී මුන් දෙසැම්බර් 31 වැනිදා ධූරයෙන් සමුගැනීමට නියමිතය. ලබන වසරේ සිට අන්තෝනියෝ ගුටෙරස් ජගත් මහ ලේකම් ධූරයේ කටයුතු කරනු ඇත.

ගුටෙරස් එක්සත් ජාතින්ගේ සංවිධානයේ නව වැනි මහ ලේකම්වරයා වෙයි. ඔහු 2005 වසරේ සිට 2015 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් ධූරයේ ද කටයුතු කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝක් නුවර ප්‍රධාන ශාඛාවේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති පීටර් තොම්සන් ඉදිරියේ ගුටෙරස් දිවුරුම් දුන්නේය.

wevbdownload



අදහස් (0)

නව ජගත් මහලේකම් දිවුරුම් දෙයි

දිමුත් Wednesday, 14 December 2016 07:25 AM

ඊළඟ පුවත ලෙස ජගත් මහලේකම්ගේ පළමු නිල රාජකාරිය ලෙස ශ්‍රී ලංකාවේ යුද සමයේ අවසානයේ සිදුවු බව කියන මානව හිමිකම් කඩකිරිම් හා මිනිමැරුම් ගැන ජාත්‍යන්තර පරික්ෂණයක් වෙයිද? (නි)

:       0       0

හුසේන් මොහමඩ් Wednesday, 14 December 2016 10:02 AM

ඇමරිකාව, රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ චීනය ඉදිරියේ ඔය පදවිය රුකඩයක්ම තමයි. ලෝකේ කොතෙකුත් ප්‍රශ්න තිබ්බත්..., ඉහතකී රටවල්වල අකමැත්තෙන් කිසිදෙයක් කරන්න බැහැ. ඒකයි කටුක යථාර්ථය. (බ)

:       0       0

අනුර Wednesday, 14 December 2016 10:02 AM

බලමු මෙයාගේ රංගනය කොහොම වේවිද කියලා. (බ)

:       0       0

නාරද Wednesday, 14 December 2016 10:53 AM

ට්‍රම්ප්ගේ ගෝලයා (බ)

:       0       0

සොපි Friday, 16 December 2016 01:34 PM

බලමු ...බලමු ....??? (නි)

:       0       0

ධම්ම Wednesday, 14 December 2016 01:41 PM

මෙයා පෘතුගාලයේ නිසා අපේ නෑදෑයෙක් වෙන්නත් පුළුවන්. ටිකක් හොයලා බැලුවොත් නරකද. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site