එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහ ලේකම් ලෙස පෘතුගාලයේ අන්තෝනියෝ ගුටෙරස් දිවුරුම් දුන්නේය. 67 හැවිරිදි ගුටෙරස් 1995 සිට 2002 දක්වා පෘතුගාල අගමැති ලෙසද කටයුතු කළේය.
සිය වසර පහක ධූර කාලය නිමා කරමින් වත්මන් ජගත් මහ ලේකම් බැන් කී මුන් දෙසැම්බර් 31 වැනිදා ධූරයෙන් සමුගැනීමට නියමිතය. ලබන වසරේ සිට අන්තෝනියෝ ගුටෙරස් ජගත් මහ ලේකම් ධූරයේ කටයුතු කරනු ඇත.
ගුටෙරස් එක්සත් ජාතින්ගේ සංවිධානයේ නව වැනි මහ ලේකම්වරයා වෙයි. ඔහු 2005 වසරේ සිට 2015 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් ධූරයේ ද කටයුතු කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝක් නුවර ප්‍රධාන ශාඛාවේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති පීටර් තොම්සන් ඉදිරියේ ගුටෙරස් දිවුරුම් දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ පුවත ලෙස ජගත් මහලේකම්ගේ පළමු නිල රාජකාරිය ලෙස ශ්‍රී ලංකාවේ යුද සමයේ අවසානයේ සිදුවු බව කියන මානව හිමිකම් කඩකිරිම් හා මිනිමැරුම් ගැන ජාත්‍යන්තර පරික්ෂණයක් වෙයිද? (නි)
ඇමරිකාව, රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ චීනය ඉදිරියේ ඔය පදවිය රුකඩයක්ම තමයි. ලෝකේ කොතෙකුත් ප්‍රශ්න තිබ්බත්..., ඉහතකී රටවල්වල අකමැත්තෙන් කිසිදෙයක් කරන්න බැහැ. ඒකයි කටුක යථාර්ථය. (බ)
බලමු මෙයාගේ රංගනය කොහොම වේවිද කියලා. (බ)
ට්‍රම්ප්ගේ ගෝලයා (බ)
බලමු ...බලමු ....??? (නි)
මෙයා පෘතුගාලයේ නිසා අපේ නෑදෑයෙක් වෙන්නත් පුළුවන්. ටිකක් හොයලා බැලුවොත් නරකද. (බ)