IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නව ග්‍රහලොවක ජල වාෂ්ප

අප සෞරග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටන ග‍්‍රහයෙකුගේ වායුගෝලයේ ජලවාෂ්ප ඇතැයි හඳුනාගැනීමට හැකිවූ බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ කියති.

එච් ඒ ටී 11 බී ලෙස නම් කැර ඇති මේ ග‍්‍රහලොව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් දුරින් පිහිටියකි.හබල් හා ස්පිට්සර් අභ්‍යාවකාශ දුරේක්ෂ ආධාරයෙන් හා නාසා විද්‍යාඥයින් ග‍්‍රහලොවක ජලය තිබේදැයි සොයාගැනීම සදහා නිර්මාණය කර ඇති නව ක‍්‍රමවේදයක් ආධාරයෙන් මෙම සොයාගැනීම සිදුකර ඇතැයි පැවසේ.

එසේ නමුත් එහි ජීවය පැවැතීමට ඉඩක් නැතැයි කියන විද්‍යාඥයෝ ඒ සඳහා හේතුව ලෙස එච් ඒ ටී 11 බී එය අයත් ග‍්‍රහමණ්ඩලයේ මව් තාරකාවට ඉතා ආසන්නයේ පිහිටා තිබීම නිසා එහි මතුපිට උෂ්ණත්වය ඉතා අධික වීම යැයි පෙන්වා දේ.

අප සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත ග‍්‍රහයෙකු මත තිබී ජල වාෂ්ප හදුනාගැනීමට හැකිවූ පළමු අවස්ථාවද මෙය නොවේ. පසුගිය මසදී පෘථිවියට ආලෝක වර්ෂ 7.3 ක දුරින් පිහිටි දුඹුරු වාමන තරුවක් මත තිබීද ජල වාෂ්ප සොයාගැනීමට විද්‍යාඥයින්ට හැකි විය.

විද්‍යාඥයින් පවසන්නේ අභ්‍යාවකාශයේ ජලය තිබීම අරුමයක් නොවන බවයි. හයිඩ‍්‍රජන් හා ඔක්සිජන් තිබේ නම් ජලය නිරායාසයෙන්ම සෑදෙන තරමේ වාතාවරණයක් බොහෝ ග‍්‍රහයින්ගේ ඇති බව ඔවුහු කියයි.

නමුත් ජීවය ඇතිවීමට ජලය පමණක් තිබීම ප‍්‍රමාණවත් නොවන බව ඔවුහු පෙන්වා දෙති. ජලය අත්‍යවශ්‍ය සාධකයක් වුවත් තවත් ජීවය ඇතිවීමට නම් සාධක රාශියක් සම්පූර්ණ විය යුතුව ඇතැයි විද්‍යාඥයෝ පවසති.

නමුත් මේ ලැබෙන සාක්ෂි පෘථිවියේ පමණක් නොව ජීවය පවතින වෙනත් ග‍්‍රහලෝකයන්ද තිබිය හැකි බව සනාථ කරන්නක් යැයි ඔවුහු කියති.

1 2 3



අදහස් (0)

නව ග්‍රහලොවක ජල වාෂ්ප

හේවාවිතාරණ Thursday, 25 September 2014 07:49 PM

පුණ්‍යසෝම ලිඳ තුල තනි වුන මැඩියා ලොව සෙසු තොර තුරු නොදනී (නදී)

:       0       0

රවී - ඕමාන් Thursday, 25 September 2014 07:48 AM

ෂා............. මරුනේ මමත් ඉඩමක් ගන්න ඕන එහෙන්වත් මේ තියන තත්වේ හැටියට දැන් පෘතුවියේ වසන්න අමාරුයි (දී)

:       0       0

රුමේෂ් Thursday, 25 September 2014 10:35 PM

පුඤ්ඤසෝම මහත්තයත් අර බහුතරයක් වගේ තණකොළද කන්නේ? (නි)

:       0       0

පුඤ්ඥසෝම Thursday, 25 September 2014 08:32 AM

ජලවාශ්ප හොයන්න ඔච්චර දුර යන්න ඕනයෑ. හුස්ම ටිකක් වෙලා හිර කරං ඉදල ඔය විදුරුවකට පිම්බානම් ජල වාශ්ප හම්බ වෙනවනේ. (දී)

:       0       0

දන් Friday, 26 September 2014 05:07 AM

"පුඤ්ඥසෝම" හුස්ම හිරකරගෙනම ඉන්න වීදුරුවලට පිබින්න එපා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site