
චීනය, හොංකොං, තායිලන්තය, සිංගප්පූරුව සහ අසල්වැසි ඉන්දියාව ආදී ආසියානු රටවල, ‘කොවිඩ් 19’ වයිරසයේ නව ප්‍රභේදයක් ව්‍යාප්ත වීමත් සමඟ, යළිත් වරක් ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් ලොව පුරා භීතියක් හටගෙන ඇත.
මෙම නව ‘කොවිඩ් 19’ ප්‍රභේදය, ‘ජේ.එන්.1’ යන නමින් නම් කර ඇති අතර, එය ‘ඔමික්‍රෝන් බී.ඒ. 2.8.6’ නමැති ‘කොවිඩ් 19’ වයිරසයේ දිගුවක් බව ද පැවැසෙයි.
‘ජේ.එන්. කොවිඩ් 19’ නිර්මාණය වී ඇත්තේ, එනිකෙනට වෙනස් විකෘති 30 මුසු වීමෙනි. මේ වනවිට මෙම නව ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. මෙම ප්‍රභේදය ඉතා වේගයෙන් ආසාදකය වන බවත්, ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට මෙය මාරක බවත් වෛද්‍යවරු පවසති.
සිංගප්පූරුවෙන් මේ වනවිට වයිරසය ආසාදිතයන් 11,000 කට වැඩි ගණනක් හමුවී ඇති අතර, හොංකොංවලින් හමුවුණු ආසාදිතයන් ගණන දහසකට වැඩිය. හොංකොංවලින් වාර්තා වන මරණ ගණන 30 කි.
තායිලන්තයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 21,000 ක් බවත්, එරටින් මරණ 19 ක් වාර්තා වන බවත් පැවැසෙයි. තායිලන්ත සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ, ප්‍රධාන ‘කොව්ඩි 19’ පොකුරු දෙකක් හේතුවෙන්, එරට වයිරසය ව්‍යාප්තිය සිදුවන බවය.
අසල්වැසි ඉන්දියාවෙන් ද නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් හමුවී ඇත. එයින් ආසාදිතයන් 257 දෙනකු හමුවී ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි.
මහරාෂ්ට ප්‍රාන්තයේ කොවිඩ් මරණ දෙකක් ද වාර්තා වෙයි. ඒ අනුව, නව ‘කොවිඩ් 19’ ‘ජේ.එන්.1’ ප්‍රභේදය ගැන තමන් දැඩි ලෙස විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නව කොවිඩ් ප්‍රභේදය දරුණුයි