IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නිව් කැලිඩෝනියාව ප්‍රංශයෙන් නිදහස ප්‍රතික්ෂේප කරයි

 

ප්‍රංශයට අයත් විදේශීය භූමි ප්‍රදේශයක් වන නිව් කැලිඩෝනියාවේ පැවැත්වුණු ජනමත විචාරණයකින් ප්‍රංශයෙන් නිදහස ලබාගැනීම සුළු වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

දූපත් සමූහයකින් සමන්විත නිව් කැලිඩෝනියාව වසර 170ක පමණ සිට ප්‍රංශයට අයත් භූමියක්ව පැවතිණ.

ජනමත විචාරණයේ අවසාන ප්‍රථිපලයට අනුව මෙම දූපත් සමූහය ප්‍රංශයේ රැඳී සිටීමට කැමැත්ත පලකරමින් 53.26%ක් ඡන්දය ප්‍රකාශ කර ඇත. ඡන්දය ප්‍රකාශ කිරීම 85.6%ක් වැනි ඉහල මට්ටමක පැවතිණි.

වසර දෙකකට පෙර පැවති ජනමතවිචාරණයකදී මීට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් 56.7%ක් ප්‍රංශයේ රැඳී සිටීමට කැමැත්ත ප්‍රකාශ කළහ. 2022 වසරේ ද  නැවත ජනමතවිචාරනයක් පැවැත්වීම නියමිතව ඇත.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රථිපලය සම්බන්දව අදහස් පලකරමින් පවසා ඇත්තේ එය ප්‍රංශ රජය කෙරෙහි තැබූ විශ්වාසයේ සළකුණක් ලෙස පිළිගන්නා බවයි.

කැලිඩෝනියානු දූපත්වල ආදිවාසී කනක් ජනකාව සහ යුරෝපීය පදිංචිකරුවන්ගෙන් පැවත එන්නන් ජීවත් වෙති.

ජනගහනයෙන් වැඩි පිරිස යුරෝපීයයන් වන අතර කනක් ජනතාව 40%ක් පමණ වේ.

කැලිඩෝනියාවේ නිකල් ලෝහ තැන්පතු විශාල වශයෙන් ඇති බැවින් ප්‍රංශය එය ආර්ථික වත්කමක් ලෙස සලකයි.

වර්ථමානයේ කැලිඩෝනියාව විශාල ස්වාධීනත්වයක් භුක්ති විඳින නමුත් ආරක්ෂක සහ අධ්‍යාපනය වැනි කාරනා සඳහා ප්‍රංශය මත දැඩිලෙස රඳා පවතින අතර තවමත් පැරිසියෙන් විශාල සහනාධාර ලබා ගනියි.
 
බීබීසී ඇසුරිනි

085



අදහස් (3)

නිව් කැලිඩෝනියාව ප්‍රංශයෙන් නිදහස ප්‍රතික්ෂේප කරයි

de silva berlin Sunday, 04 October 2020 09:54 PM

ලංකාවත් එංගලන්තෙට අයත්ව තිබුනනම් අපේ ජීවන තත්වය අනිවාර්යෙන්ම මෙයට වැඩිය උසස් මට්ටමක තිබෙනවා.

:       1       11

සෙනෙවිරත්න Monday, 05 October 2020 01:00 AM

අපිත් 1948 දි එහෙම කලානම් දි ⁣මීට වඩා හොදයි කියලා හිතෙන්නේ මට විතරද?

:       1       10

de silva Monday, 05 October 2020 06:04 AM

නිදහස ලැබුනොත් අපට සිදුවුණ දේ මොවුන්ටත් සිදු විය හැක.

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site