ස්පාඤ්ඤයේ බාර්සිලෝනා අගනුවර එල් ප්රැට් ගුවන්තොටුපලේදී ගුවන්යානා දෙකක් එකට ගැටීමට ගිය අවස්ථාවක් අනූනවයෙන් වැළකී ගියේය.

රුසියාවේ උට්එයාර් ගුවන්සේවයට අයත් ගුවන්යානාවක් ගොඩබැසීමට සැරසෙද්දී එය ගොඩබැස්වීමට නියමිතව තිබූ ධාවන පථය මතට ආර්ජන්ටිනා ගුවන්සේවයට අයත් ගුවන්යානයක් එක්වනම පැමිණියේය.

තත්ත්පර ගණනක අවෑමෙන් සිදුවන්නට ගිය අතර වළක්වාගැනීමට උට්එයාර් ගුවන්යානයේ නියමුවා සමත්වූවේයගනැවත ඉහළට ගත් යානය ඔහු ගුවන්තොටුපලේ වෙනත් ගුවන් පථයකට ගොඩබැස්වීය.

ආර්ජන්ටිනා ගුවන්යානයේ නියමුවාට දුන් උපදෙස් ඔහු වැරදි ලෙස තේරුම්ගැනීම හෝ එම උපදෙස් ඔහුට නොඇසී යාම නිසා මෙවැන්නක් සිදුවන්නට ඇති බවට සැකකෙරේ.

මේ සිදුවීම පටිගත කළ අයෙකු එය යූටියුබ් වෙබ් අඩවියට එක්කර තිබෙන අතර එය මේ වන විට ලක්ෂ 10 කට අධික පිරිසක් නරඹා ඇත.