කැනඩාවේ නැගෙනහිර වෙරළ තීරයට ගොඩ ගසා දැනට දින කිහිපයක් ගතවී ඇති නිල් තල්මස් සිරුරක වායු එක්රැස්වී එය බැලූමක් මෙන් පිම්බී ඇති හෙයින් එය පුපුරා යනු ඇතැයි ප්‍රදේශවාසීන් බියෙන් සිටිති.
එසේ පිම්බෙන්නේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසාය. මෙම වායු ඇතැම් අවස්ථාවන්හි විස සහිත වනවා සේම අධික දුර්ඝන්ධයක්ද විහිදුවයි.
දැනටමත් දැඩි දුර්ඝන්ධයක් ඉන් විහිදෙන බවත් ඉදිරි දින කිහිපයේදී එය පුපුරා යෑමේ තත්ත්වයක් තිඛෙන බවත් ඔවුහු කියති.
පිපිරීමෙන් ප්‍රදේශයට හානිවේයැයි හෝ මළ සිරුරෙන් පරිසරයට එක්විය හැකි නොයෙකුත් බැක්ටීරියා හා අපද්‍රව්‍ය නිසා විවිධ ලෙඩ රෝග හෝ පැතිරෙනු ඇතැයි ද කියයි.
නමුත් ප්‍රදේශයේ ධීවර හා මත්ස්‍ය කටයුතු සම්බන්ධ ආයතනය කියන්නේ එසේ අනියත බියක් ඇති කර නොගත යුතු බවයි.එසේ යැයි කියා පිම්බී ඇති ‘බැලූම‘ පිපිරවීමට උත්සාහ නොකර සිටීම යෝග්‍ය යැයි එම ආයතනය පවසයි.
මෙම සිරුර යාර 28 පමණ දිගින් හා ටොන් 60 ක් පමණ බරකින් යුතුවන බව සදහන්ය.
ආයතනයන්ට මෙවැනි විශාල සිරුක් ආම්බාන් කළ හැකි උපකරණ හා උපාංග නොමැති හෙයින් එය වෙරළේම තිබෙන්නට හළ බව වනජීවී ආයතනය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු හැදෙයි ටොන් 60ක තල්මහෙක්. (අ)
ඔික කරවල කරලා ගත්තානමි(ස)
යාපනේ අය කැනඩාවේ ඉන්න නිසා ඕක සුලුදෙයක් ඒ අයට.(නදී)
පුදුම වැඩක්නේ? උස්සන්න විශාල උපකරණ උපාංග නැතුව කොහොමද දන්නේ නැහැ බර ටොන් 60 ක් පමණ කියලා දැනගත්තේ? (නි)
කැනඩාව රටේ කුණු සුද්ද නොකර තව තව කුණු රට ඇතුලට දා ගන්න රටවල් අතර පෙරමුණේ සිටින රටක්. (නදී)
කෝ ෆොටෝ ? (නදී)
"එම්බාන්" කල හැකි.......? (අ)
ඕක අපේ රටේ අයට නම් සුළු දෙයක්. කුණු අල, ලුණු ,පනුවෝ ගහපු හාල්මැස්සෝ, කල්ඉකුත් වූ කුකුල් මස්, සොසේජස්, කෘතිමව හදපු සෝස් එක්ක කන අපිට තල්මසා මොකෙක්ද? (නි)