IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නිරුවත් කත පුටින්ගේ කකුල කඩයි

රුසියා ජනාධිපති වැලඩිමීර් පුටින්ට පා පහරක් එල්ල කර ඔහුගේ පාදයක් කැඩූ අඩනිර්වත් කාන්තාවකට පසුගියදා පැරීසියේ ඉහළ අධිකරණයකින් යුරෝ 1500ක (රුපියල් 250469) දඩයක් නියම කළේය. සිද්ධිය සැකවින් මෙසේය¦

පැරීසියේ පිහිටි සුප්‍රසිද්ධ මැටි රූප ග්‍රාවින් කෞතුකාගාරය බොහෝ විදේශිකයන් නැරඹීමට පැමිණෙන සුවිශේෂි ස්ථානයකි. ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ප්‍රතිමා වලින් මෙම කෞතුකාගාරය පිරී ඉතිරී වර්ණවත්වී ඇත්තේය. මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා, ජෝන් එෆ් කෙනඩි, මයිකල් ජැක්සන්, මොහොමඩ් අලී, ජෝන් ලෙනන් ,ලෝක ජන නායකයෝ ඒ අතරින් කිහිප දෙනෙකි. ඔවුන් අතරට රුසියා ජනාධිපති වැලඩිමීර් පුටින්ගේ පිළිරුවක් පසුගිය වසරේ ස්ථාපිත කොට ප්‍රදර්ශනයට තැබුවේය. ප්‍රංශය මූලික කොට ක්‍රියාත්මක වන අඩ නිරුවත් කාන්තාවන්ගේ හඬ නැමැති සංවිධානයේ කාන්තාවක් විසින් පසුගිය ජුනි 25 වැනිදා ඉහත කෞතුකාගාරයට ඇතුල්වී පුටින් ඒකාධිපතියා යැයි කෑමොර දෙමින් පුටින් ප්‍රතිමාවට පා පහරවල් කිහිපයක් එල්ල කිරීම හේතු කොට පුටින් ප්‍රතිමාවේ පාදයක් කැඩී ප්‍රතිමාව අබලන්

සිදුවූ අලභ හානිය හා නිරුවතින් හැසිරීම ප්‍රධාන කොට කෞතුකාගාරයේ බලධාරීන් විසින් ඉහළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කළ පැමිනිල්ලක් හේතු කොට උසාවි වාර කිහිපයකට පසු පසුගිය සතියේ පැරීසියේ ඉහළ උසාවියකින් යුරෝ 1500ක් හෙවත් රුපියල් ලක්ෂ තුනක පමණ දඩයක් ප්‍රංශයේ දේශපාලන රැකවරණය ලැබූ යුක්රේන් ජාතික 26 හැවිරිදි කාන්තාවකට නියම කළේය.

0116 jpg4

 



අදහස් (0)

නිරුවත් කත පුටින්ගේ කකුල කඩයි

නුවන් Wednesday, 22 October 2014 10:37 PM

සමහරු ප්‍රසිද්ධ වීමටත් ඔය වගේ දේවල් කරනවා. නමුත් ජීවමාන පුටින්ගේ කකුලක් පිරිමි 10 දෙනෙකුටවත් කඩන්න නොහැකියි මම සිතමි. මොකද ඔහු විශිෂ්ට ජුඩෝ ශුරයෙකි (නි)

:       0       0

උෂාන් Wednesday, 22 October 2014 10:57 PM

අපේ උසාවි වල නම් සමහර නීතිඥයින් අහිංසක මිනිසුන් හූරාකනවා (නි)

:       0       0

සේනක පෙරේරා Saturday, 25 October 2014 10:07 AM

පුටින් යුක්රේනයේ කරන අපරාදෙට ඇත්තටම කකුල් කඩන්න ඕනේ. මම දන්නවා ලංකාවේ අය පුටින්ට අදරෙයි කියලා. (නදී)

:       0       0

දිලාන් Wednesday, 22 October 2014 12:27 PM

බන්දුලගේ හෙවත් ලංකා තිලක් ගේ ප්‍රතිමා සීයක් විතර පාඨක සභාවේ හදන්න තිබුනේ. (නදී)

:       0       0

චන්ද්‍ර Tuesday, 21 October 2014 03:06 PM

මෙන්න උසාවි වැඩකරනා පිළිවෙල , මාසයක් තුල නඩුව අහලා දඩුවම් නියම කරලත් ඉවරයි, ඒකට අපේ රට , නඩු අහනවා නොවේ, කල් දමමින් නඩු බලවනවා.(හේ)

:       0       0

සමරේ(ගාල්ල) Tuesday, 21 October 2014 03:15 PM

මානසික ආබාධයකින් පෙළෙන කාන්තාවක් කියලයි මට හිතුනේ (නි)

:       0       0

මොහාන් Friday, 24 October 2014 04:25 AM

මෙන්න නියම ගැහැණු! (නි)

:       0       0

හෂාන් Tuesday, 21 October 2014 03:21 PM

මෙච්චර හයියක් කොහෙන්ද ‍ලැබුණේ? (නි)

:       0       0

කසුන් Tuesday, 21 October 2014 04:16 PM

මට නම් ලැජ්ජා හිතුණා (නි)

:       0       0

ගජබා Wednesday, 22 October 2014 05:08 AM

ඉක්මනටම ලංකාවෙත් පුටින්ගේ ප්‍රතිමා සීයක් විතර හදල දාන ඕනේ.(නදී)

:       0       0

මාටින් Wednesday, 22 October 2014 02:03 PM

ඒ කාන්තාවට පුටින් එක්ක ඔච්චර තරහා ගන්න තරම් ලොකු ප්‍රශ්නයක් ඇති.(හේ)

:       0       0

සදා Wednesday, 22 October 2014 02:17 PM

‍මේ අය කාන්තාවන්ට කරන හිංසාවල ප්‍රතිඵල තමයි ඔය.(හේ)

:       0       0

නිහාල් ප්‍රනාන්දු Wednesday, 22 October 2014 06:26 AM

මෙහෙම කරද්දී, ෆොටෝ ගනිත්දීත් කෞතුකාගාරයේ බලධාරීන් දුටුවේ නැද්ද? (හේ)

:       0       0

තිලක් Tuesday, 21 October 2014 05:45 PM

පුටින් ශක්තිමත් බව මේකෙන්ම පේනවා. (නි)

:       0       0

සුමේෂ් Wednesday, 22 October 2014 03:31 PM

හොදයි.(හේ)

:       0       0

සනත් ඒකනායක Thursday, 23 October 2014 03:42 PM

අඩ නිරුවත් කාන්තාවන්ගේ හඬ නැමැති සංවිධානයේ කාන්තාවක්..(හේ)

:       0       0

නිහාල් විතානගේ Thursday, 23 October 2014 04:49 PM

අර්ටිකය වැටිලා, බෙදුම් වාදයෙන් රට නන්නත්තාර වෙලා තිබුනේ .පුටින් නැවත බලගතු රුසියාව බවට පත් කළා. බටහිරට මෙය දරාගන්න බැ.තුන්වෙනි වතාවටත් ව්‍යවස්ථාව වෙනස් කර රුසියානුවෝ ඡන්දය දුන්නේ ඒකයි. බෝම්බ භිතිය නැති කෙරුවට කෘතගුණ දන්නා රුසියෝ.(හේ)

:       0       0

ටානියා Thursday, 23 October 2014 04:57 PM

මොනවා වුණත් ඇය අභීත කාන්තාවක් (නි)

:       0       0

ජයාත් Thursday, 23 October 2014 04:57 PM

ඕක අපේ කාගේහරි එකක් වුණා නම් ඕකත් වැටෙන්නේ "කන්ගැට්ටගේ " ගිණූමටම තමයි (නි)

:       0       0

හසිත් Tuesday, 21 October 2014 06:48 PM

මේවා මෙහෙ අයත් ඉගෙනගනීද දන්නෙ නැහැ (නි)

:       0       0

ධර්මරත්න Wednesday, 22 October 2014 07:29 AM

එහේ උසාවිවලට නඩු නැති වුණාට අපි මොනවා කරන්නද?(හේ)

:       0       0

බණ්ඩා Friday, 24 October 2014 08:44 AM

හොඳ වැඩක් කරන්න තිබුනේ (නදී)

:       0       0

වජිර Tuesday, 21 October 2014 10:00 PM

අපේ උසාවිය මෙසේ නොවන්නේ ඇයි? (නි)

:       0       0

ගාමිණී Tuesday, 21 October 2014 10:43 PM

"අඩ නිරුවත් කාන්තාවන්ගේ හඬ" බලාගෙන ලංකාවටත් ඔය ලෙඩේ බෝවෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 23 October 2014 07:59 AM

ඔය ප්‍රතිමාව කොහොල්ලෑ වලින් හදලා තිබ්බොත් හොඳ නැද්ද අර හාවට උන විදියට පයින් ගහන අයව ඇලිලම හිටින්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site