රුසියා ජනාධිපති වැලඩිමීර් පුටින්ට පා පහරක් එල්ල කර ඔහුගේ පාදයක් කැඩූ අඩනිර්වත් කාන්තාවකට පසුගියදා පැරීසියේ ඉහළ අධිකරණයකින් යුරෝ 1500ක (රුපියල් 250469) දඩයක් නියම කළේය. සිද්ධිය සැකවින් මෙසේය¦
පැරීසියේ පිහිටි සුප්‍රසිද්ධ මැටි රූප ග්‍රාවින් කෞතුකාගාරය බොහෝ විදේශිකයන් නැරඹීමට පැමිණෙන සුවිශේෂි ස්ථානයකි. ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ප්‍රතිමා වලින් මෙම කෞතුකාගාරය පිරී ඉතිරී වර්ණවත්වී ඇත්තේය. මහත්මා ගාන්ධි, නෙල්සන් මැන්ඩෙලා, ජෝන් එෆ් කෙනඩි, මයිකල් ජැක්සන්, මොහොමඩ් අලී, ජෝන් ලෙනන් ,ලෝක ජන නායකයෝ ඒ අතරින් කිහිප දෙනෙකි. ඔවුන් අතරට රුසියා ජනාධිපති වැලඩිමීර් පුටින්ගේ පිළිරුවක් පසුගිය වසරේ ස්ථාපිත කොට ප්‍රදර්ශනයට තැබුවේය. ප්‍රංශය මූලික කොට ක්‍රියාත්මක වන අඩ නිරුවත් කාන්තාවන්ගේ හඬ නැමැති සංවිධානයේ කාන්තාවක් විසින් පසුගිය ජුනි 25 වැනිදා ඉහත කෞතුකාගාරයට ඇතුල්වී පුටින් ඒකාධිපතියා යැයි කෑමොර දෙමින් පුටින් ප්‍රතිමාවට පා පහරවල් කිහිපයක් එල්ල කිරීම හේතු කොට පුටින් ප්‍රතිමාවේ පාදයක් කැඩී ප්‍රතිමාව අබලන්
සිදුවූ අලභ හානිය හා නිරුවතින් හැසිරීම ප්‍රධාන කොට කෞතුකාගාරයේ බලධාරීන් විසින් ඉහළ ශ්‍රේෂ්ඨාධිකරණයේ කළ පැමිනිල්ලක් හේතු කොට උසාවි වාර කිහිපයකට පසු පසුගිය සතියේ පැරීසියේ ඉහළ උසාවියකින් යුරෝ 1500ක් හෙවත් රුපියල් ලක්ෂ තුනක පමණ දඩයක් ප්‍රංශයේ දේශපාලන රැකවරණය ලැබූ යුක්රේන් ජාතික 26 හැවිරිදි කාන්තාවකට නියම කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු ප්‍රසිද්ධ වීමටත් ඔය වගේ දේවල් කරනවා. නමුත් ජීවමාන පුටින්ගේ කකුලක් පිරිමි 10 දෙනෙකුටවත් කඩන්න නොහැකියි මම සිතමි. මොකද ඔහු විශිෂ්ට ජුඩෝ ශුරයෙකි (නි)
අපේ උසාවි වල නම් සමහර නීතිඥයින් අහිංසක මිනිසුන් හූරාකනවා (නි)
පුටින් යුක්රේනයේ කරන අපරාදෙට ඇත්තටම කකුල් කඩන්න ඕනේ. මම දන්නවා ලංකාවේ අය පුටින්ට අදරෙයි කියලා. (නදී)
බන්දුලගේ හෙවත් ලංකා තිලක් ගේ ප්‍රතිමා සීයක් විතර පාඨක සභාවේ හදන්න තිබුනේ. (නදී)
මෙන්න උසාවි වැඩකරනා පිළිවෙල , මාසයක් තුල නඩුව අහලා දඩුවම් නියම කරලත් ඉවරයි, ඒකට අපේ රට , නඩු අහනවා නොවේ, කල් දමමින් නඩු බලවනවා.(හේ)
මානසික ආබාධයකින් පෙළෙන කාන්තාවක් කියලයි මට හිතුනේ (නි)
මෙන්න නියම ගැහැණු! (නි)
මෙච්චර හයියක් කොහෙන්ද ලැබුණේ? (නි)
මට නම් ලැජ්ජා හිතුණා (නි)
ඉක්මනටම ලංකාවෙත් පුටින්ගේ ප්‍රතිමා සීයක් විතර හදල දාන ඕනේ.(නදී)
ඒ කාන්තාවට පුටින් එක්ක ඔච්චර තරහා ගන්න තරම් ලොකු ප්‍රශ්නයක් ඇති.(හේ)
මේ අය කාන්තාවන්ට කරන හිංසාවල ප්‍රතිඵල තමයි ඔය.(හේ)
මෙහෙම කරද්දී, ෆොටෝ ගනිත්දීත් කෞතුකාගාරයේ බලධාරීන් දුටුවේ නැද්ද? (හේ)
පුටින් ශක්තිමත් බව මේකෙන්ම පේනවා. (නි)
හොදයි.(හේ)
අඩ නිරුවත් කාන්තාවන්ගේ හඬ නැමැති සංවිධානයේ කාන්තාවක්..(හේ)
අර්ටිකය වැටිලා, බෙදුම් වාදයෙන් රට නන්නත්තාර වෙලා තිබුනේ .පුටින් නැවත බලගතු රුසියාව බවට පත් කළා. බටහිරට මෙය දරාගන්න බැ.තුන්වෙනි වතාවටත් ව්‍යවස්ථාව වෙනස් කර රුසියානුවෝ ඡන්දය දුන්නේ ඒකයි. බෝම්බ භිතිය නැති කෙරුවට කෘතගුණ දන්නා රුසියෝ.(හේ)
මොනවා වුණත් ඇය අභීත කාන්තාවක් (නි)
ඕක අපේ කාගේහරි එකක් වුණා නම් ඕකත් වැටෙන්නේ "කන්ගැට්ටගේ " ගිණූමටම තමයි (නි)
මේවා මෙහෙ අයත් ඉගෙනගනීද දන්නෙ නැහැ (නි)
එහේ උසාවිවලට නඩු නැති වුණාට අපි මොනවා කරන්නද?(හේ)
හොඳ වැඩක් කරන්න තිබුනේ (නදී)
අපේ උසාවිය මෙසේ නොවන්නේ ඇයි? (නි)
"අඩ නිරුවත් කාන්තාවන්ගේ හඬ" බලාගෙන ලංකාවටත් ඔය ලෙඩේ බෝවෙයිද දන්නේ නැහැ (නි)
ඔය ප්‍රතිමාව කොහොල්ලෑ වලින් හදලා තිබ්බොත් හොඳ නැද්ද අර හාවට උන විදියට පයින් ගහන අයව ඇලිලම හිටින්න (නදී)