IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නෝර්වේ විදුලි බලයෙන් ධාවනය වන වාහන අලෙවිය සියයට 50 ඉක්මවයි

 

විදුලි බලයෙන් ධාවනය වන වාහන අලෙවිය 50% ඉක්මවූ පළමු රට බවට පත් වීමට නෝර්වේ රාජ්‍ය සමත්ව ඇත.

පසුගිය වසරේ දී (2020) අලෙවි වූ වාහනවලින් 50%ක වැඩි සංඛ්‍යාවක් විදුලිබලයෙන් ධාවනය කෙරෙන වාහන යැයි නෝර්වේ රාජ්‍යයේ ‘‘මාර්ග තදබදය සඳහා වන තොරතුරු කවුන්සිලය (ඕ.එෆ්.වී.)’’ නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

එම වාර්තාවට අනුව පසුගිය වසරේ දී අලෙවි වූ වාහනවලින් 54.3%ක් විදුලි බලයෙන් ධාවනය වන වාහන වන අතර ඊට පෙර වසරේ සංඛ්‍යාදත්ත හා සැලකීමේදී එය 11.9%ක වර්ධනයකි. පෙර වසරේ එනම් 2019 වසරේ රටේ සමස්ත වාහන අලෙවියෙන් 42.4%කට හිමිකම් කියා ඇත්තේ විදුලි බලයෙන් ධාවනය වන වාහන ය.

නෝර්වේ රාජ්‍ය යනු ‘නෝර්ඩික් රටවල්’ ගොන්නට අයත් වන රටකි. එරට වැඩියෙන්ම අලෙවි වන විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ වනුයේ අවුඩි ඊ-ටෝර්න්, ටෙස්ලා මොඩල් 3, ද වොක්ස්වැගන් අයි.ඩී.3 සහ නිසාන් ලීෆ් යන මෝටර් රථ ය. මෙම මෝටර් රථ හතරම සම්පූර්ණ විදුලි බලයෙන් ධාවනය කෙරේ.

පස්වැනි තැන හිමිව ඇත්තේ වොක්ස්වැගන් ගොල්ෆ් මෝටර් රථයට ය. එම මෝටර් රථයේ නැවත ආරෝපණය කළ හැකි මෝටර් රථයක ද ඇත.

ඉකුත් දෙසැම්බර් මාසයේදී නෝර්වේ රාජ්‍යයේ විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර ප්‍රතිශතයක් ලෙස එය 66.7%ක අගයක් ගත් බව ‘‘මාර්ග තදබදය සඳහා වන තොරතුරු කවුන්සිලය (ඕ.එෆ්.වී.)’’ සඳහන් කරයි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ වාහනවල නව මාදිලි පැමිණීම ය.

මෙලෙස විදුලි බලයෙන් ධාවනය වන වාහනවල අලෙවිය 50% ඉක්මවූ පළමු රට නෝර්වේ රාජ්‍යය යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෝර්වේ විදුලි බලයෙන් ධාවනය වන වාහන සංගමය සඳහන් කළේය.

නෝර්වේ යනු යුරෝපයේ විශාලතම තෙල් නිෂ්පාදන රට වුවත් මේ වනවිට විදුලි බලයෙන් ධාවනය වන වාහන කෙරෙහි අවධානය යොමු කර ඇත. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ එම කර්මාන්තයට ලබා දී ඇති සහන යැයි ද පැවසේ.

නෝර්වේ රාජ්‍ය තුළ විදුලිබලය නිෂ්පාදනය කෙරෙන්නේ ජලවිදුලි බලයෙනි. නෝර්වේ රාජ්‍ය 2025 වනවිට කාබන් වායු විමෝචනය ‘‘0’’ දක්වා අඩු කිරීම සිය අරමුණ කරගෙන ඇත.

(ඒ.එෆ්.පී.)

ඡායාරූප රොයිටර්

055



අදහස් (2)

නෝර්වේ විදුලි බලයෙන් ධාවනය වන වාහන අලෙවිය සියයට 50 ඉක්මවයි

de silva Tuesday, 05 January 2021 10:07 PM

නෝර්වේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. මෙහෙ හිටපු ලෝකයේ හොඳම මුදල් ඇමැති විදුලි බලයෙන් අර්ධ වශයෙන් ක්‍රියාත්මක වන දෙමුහුන් වාහන වලට රුපියල් මිලියනයක අමතර බද්දක් පැනවූවා. නමුත් ඔහු බලයට පැමිණුනා. අලුත් ආණ්ඩුවත්, ඔහුගේ වාහන බදු ප්‍රතිපත්තිය වෙනස් කළේ නැහැ.

:       0       12

Sadaruwan Wednesday, 06 January 2021 09:25 AM

අනේ අපට මේවා හීන... මගේත් මිත්‍රයෙක්... මේ රටේ පදිංචියටම ගියා ලංකාව අතෑරලා. ඔවුන් වාසනාවන්තයෝ.. මේ පාර හයිබ්‍රිඩ් කාර්වලට...ඉලෙක්ට්‍රෝනික කාර්වලටත් හෙණ ගහන, බදු ගහන අය මේ රට පාලනය කරන්නේ.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site