
නෝර්වේ රාජ්‍යයේ මාර්තා ලුවීස් කුමරිය සහ ඇමෙරිකන් ජාතික ඩුරේක් වෙරෙට්ගේ විවාහ මංගල උත්සවය තව නොබෝ දිනකින් පැවැත්වෙන බව නෝර්වේ රජ මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
යුවළ විවාහ ගිවිස ගැනීම පසුගිය 2022 වසරේදී සිදුවිය. පියා 6 වැනි හැරොල්ඞ් රජු මාර්තා ලුවීස් කුමරියට සහ පෙම්වතා ඩුරේක් වෙරෙට්ට සුබ පතා ඇතැයි නෝර්වේ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. අප්‍රිකන් ඇමෙරිකානුවකු වන ඩුරේක් වෙරෙට් අධ්‍යාන්තිමක බලයෙන් ලෙඩ රෝග සුව කරන්නෙකි.
මාර්තා ලුවීස් කුමරිය, 6 වැනි හැරොල්ඞ් රජුගේ වැඩිමල් දරුවාය. 6 වැනි හැරොල්ඞ් රජුගෙන් පසු නෝර්වේ රජ කිරුළ හිමිවනු ඇත්තේ හැරොල්ඞ් රජුගේ පුතු හාකෝන් කුමරුටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd