නෝර්වේහි බටහිර වෙරළට නුදුරින් අනතුරට පත්වූ මගී යාත්‍රාවක ගමන් කරමින් සිටි 1300ක පමණ පිරිසක් ඉවත් කළ බව බලධාරීහු පවසති.
යාත්‍රාවේ එංජිමේ සිදුවූ දෝශයක් හේතුවෙන් මෙලෙස මගීන් ඉවත්කිරීමට සිදුවූ බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේ ප්‍රබල සුළං සහ උස් රළ නැගෙමින් පැවති බවත් නැවෙන් ආධාර ඉල්ලා සංඥා කළ බවත් නෝර්වේ මුහුදු මුදවාගැනීමේ කාර්යාංශය සඳහන් කරයි.
යාත්‍රා කිහිපයක් සහ හෙලිකොප්ටර් පහක් මුදවාගැනීමේ මෙහෙයුමට දායක වී ඇත.
මුදවා ගැනීමේ මෙහෙයුමට පැමිණි යාත්‍රාවක ද එන්ජිමේ දෝශයක් හටගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද පසුව නැවේ එන්ජින් හතරෙන් තුනක් ක්‍රියාත්මක කිරීමට හැකිවී ඇති අතර ආසන්නම වරායට නැව ගෙන ඒමට කටයුතු කරන බව සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd