IMG-LOGO

නෝර්වේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට

නෝර්වේ රාජ්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නොවන සාමාජිකයකු ලෙස පත්ව ඇත.

නෝර්වේ රාජ්‍ය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 2021-2022 කාල සීමාව සඳහා නිත්‍ය නොවන සාමාජිකයකු ලෙස ඉකුත් දා (4) පත්වූ බවත් 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා එම කවුන්සිලයේ සාමාජිකයකු ලෙස කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙරට නෝර්වේ තානාපති කාර්යාලය සඳහන් කරයි.

නෝර්වේ රාජ්‍යයට අමතරව ඉන්දියාව, අයර්ලන්තය, කෙන්යාව සහ මෙක්සිකෝව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පත්ව සිටින අනෙකුත් නිත්‍ය නොවන සාමාජික රටවල් වේ.

ඉහත කී රටවලට අමතරව එස්තෝනියාව, වියට්නාමය, නයිජීරියාව, ටියුනීසියාව, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩිනස් යන රටවල් සමඟ නෝර්වේ රාජ්‍ය පළමු වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නියෝජනය කරනු ඇත.

මේ අතර නෝර්වේ රාජ්‍යයට ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකත්වය හිමි ව ඇත්තේ වසර 20කට පසුව ය. නෝර්වේ රාජ්‍ය අවසන් වරට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නොවන සාමාජිකත්වය හෙබවූයේ 2001-2002 කාලසීමාවේදී ය.

055



අදහස් (0)

නෝර්වේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site