නැවුම් එළවළු, පළතුරු, මාළු සහ ධාන්‍ය සමඟ ඔලිව්තෙල් ආහාරයට ගැනීමෙන් හෘදයාබාධ, දියවැඩියාව ඇතුළු රෝග ගණනාවකින් වැළකී සිටිය හැකි බව අධ්‍යයනයකින් සොයාගෙන තිබේ.
ස්පාඤ්ඤ රොවිරා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් හෘදයවස්තුවේ ආබාධවලින් පෙළීමේ අවධානම ඇති මිනිසුන් 5800 ක් යොදාගනිමින් මේ පර්යේෂණය සිදුකැර ඇත. මේ සඳහා වසර පහක කාලයක් ගතකළ බව ද පර්යේෂකයෝ කියති. මොවුන් කොටස් තුනකට බෙදා එක් කණ්ඩායමකට ඔලිව් ඔයිල් සහ නැවුම් පළතුරු, එළවළු හා කිරි වැඩිපුර අඩංගු ආහාර වේලක් ද අනෙක් කණ්ඩායමට ඇට වර්ග වැඩිපුර අඩංගු නැවුම් එළවළු පළතුරු කිරි සහිත ආහාර වේලක් ද අනෙක් කණ්ඩායමට අඩු මේදය සහිත ආහාර වේලක් ද ලබා දෙන ලදී.
පර්යේෂකයන් පෙන්වාදෙන්නේ නැවුම් එළවළු, පළතුරු හා කිරි අනුබව කළ කණ්ඩායම් දෙක ම තම ස්ථුලතාව අඩුකරගෙන තිබූ බවයි. එසේ ම අධ්‍යයන කාලයේ දී ඔවුන්ගේ රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය ද අඩුවී තිබිණි.
ඔලිව් ඔයිල් ආහාරයට ගත් අයගේ ශරිරයේ මේද තැන්පත් වීමේ ප්‍රමාණය අඩුවී තිබූ අතර එය අඩු මේදය ආහාරයට ගත් අයට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුවීමක් බව ද පර්යේෂකයෝ කියති. ඒ අනුව පර්යේෂණ ප්‍රධානී වෛද්‍ය ජෝඩි සලාස් පෙන්වාදෙන්නේ ඔලිව්තෙල් ආාහරයට ගැනීමෙන් රෝගවලින් වැළකී සිටීමේ හැකියාව වැඩිවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලිව් තෙල් රත්කළොත් එහි තිබෙන සංඝටක කැඩෙන බව කියනවා නේද? එවිට එහි ඇති ගුණාත්මකභාවය නැතිවෙන බව මම අසා තිබෙනවා. (නි)
පොල්තෙල් ගුණදායක කාර්යශීලී ශරීරවලට මිසක් හොර ශරීර වලට නොවේ. ඔලිව් තෙල් රත් නොකරන තරමට ගුණදායක බව මම අසා ඇත්තෙමි. අධික උෂ්ණත්වයට රත් කළොත් ඉතාමත් හානිදායකයි. (නි)
එළවලු සලාද වලට ඔලිව් තෙල් බින්දු ටිකක් ඉහළා ගත්තම ගුණය රැකෙනවා. සලාදයට අලිගැට පේර කෑලි ටිකකුත් එකතුකර ගත්තා නම් අගෙයි. (නි)
හොඳ ඔලිව් තෙල් ගේන්න නම් මැදපෙරදිග යන්න ඕනෑ. මොකද අපේ වගේ කළුකඩ වෙළදාම නැහැ එහේ. එහෙ කලවම් කරලා අහුවුණොත් ඉවරයි (නි)
ඉස්සර කාලෙත් ඔය ලෙඩ තියෙන්නැති. එ්ත් ඒවා අදුන /න්න ක්‍රමයක් නැති නිසා යක්කු ගහල මරුන, දෙවියන්ගේ සාපයෙන්, නැතිනම් හූනියම් කරලා මැරුණ කියලා හිතන්න ඇති.(හේ)
ඇත්තටම ගාමිණී කියන කතාවට මම එකඟ වෙනවා.අපේ අම්මලා අපි පුංචි කාලේ කෑමවලට භාවිතා කළේ පොල්තෙල් ,තලතෙල් පමණයි. කෝ ඒ කාලේ කොලස්ටරෝල්, දියවැඩියාව? අපේ අය දැන් පුරුදුවෙලා තියන්නේ අලුත් අලුත් තෙල් ජාති භාවිතා කරන්න.මැටි වළං වල එදා උයලා කනකොට ඔය ලෙඩ එකක්වත් නැහැ. අපේ අය හරිම ආසයි සල්ලි දීලා ලෙඩ අරගන්න. ඔලිව් තෙල් හොඳයි. ඒත් අනේ ඉතින් අපිට කොහෙද ඔර්ජිනල් තෙල්? (නි)
ඔලිව් තෙල් අද මුළු ලෝකයම භාවිතා කරන්න වෙලා. අතීතතයේ අපේ අත්තලා,මුත්තලා අනුභව කළ පොල්තෙලින් නිමකළ කෑමවර්ග නිමක් නැහැ. නරකද අපේ පොල්තෙල් බෝතලයක්,තලතෙල් බෝතලයක් එහෙම පර්යේෂණ කරන්න ඔය කියන විශ්ව විද්‍යාලයට යැවුවා නම් ! (නි)
ගාමිණී පොල් තෙල් ගැන පරීක්ෂණ නොකෙරිලා නැහැ. අපේ රටෙත් පිටරට වලත් ගොඩක් කරලා තියනවා. නමුත් පොල් තෙල් වගේ "මේද අම්ල " තියන ඒවායේ ගුණ අගුණ තාමත් විවාදිතයි.සමහරුන්ගේ මතය හොඳයි කියල සමහරු නරකයි කියනවා .රසික් මහත්තයට කියන්න තියෙන්නේ ඒ කලෙත් ඕව තිබුන නමුත් මේ මට්ටමට නෙමි ,අද තරම් විද්‍යාව දියුණු නැති ඒ කාලේ ඕව හඳුනාගෙන තිබුනෙත් නැහැ. මොනවත් ඕන නැහැ. වැඩිය නෙමි මීට අවරුදු 40 කට ඉස්සර හෘදයබාදයකට උනත් තිබුනේ මොනවද ඇස්ප්‍රින් වගේ සරල බෙහෙත් කීපයක් විතරයි. (ස)
ගොඩක් ලෙඩ වලට හොදයි.(හේ)
ලේබලයේ නිෂ්පාදිත රට ගැන අවදානයට ගන්න.රටවල් දෙක හෝ තුනක් ඇත්නම් එය මිශ්‍ර කරන ලද ඔලිව් තෙල්ය.(හේ)
මේ හොදයි කියන්නේ නියම ඔලිව් තෙල්.වෙළදපොළේ බොහොමයක් තිබෙන්නේ අනිකුත් තෙල් ජාතින් සමග මිශ්‍ර කල ඔලිව් තෙල්.(හේ)
අනේ මන්ද එක කට්ටියක් කියනව තෙල් කෑම අගුනයි කියල තව කට්ටියක් කියනව ගුනයි කියල (අ)
අපේ රටේ සමහර පළාත්වල සාර්ථකව වගා කරන්න පුළුවන් වගාවකි. සුද්දන් විසින් එය අපට හඳුන්වා දී නැත්තේ සමහරවිට ඔවුන්ගේ ආර්ථිකයේ ආරක්ෂාව ගැන සිතා වන්නට ඇත. වටිනා දෙයක වටිනාකම හඳුනාගැනීම ඉතා වැදගත්ය. (නි)
මනුර, ගාමිණී, සුරාජ්, සමරේ, ඔබගේ අදහස් හරි.හොඳ ඔලිව් තෙල් ශරීරයට ගුණයි. ඊජිප්තුවත් වැඩිපුර ඔලිව් ගෙඩි ආහාරයට ගන්නවා. ඒ උස මහත ශක්තිවන්ත පුද්ගලයින්. පොල්තෙල් වල වරදක් නැහැ. නමුත් අපේ රට වල නිෂ්පාදන අගරු කිරීමට බොහෝ රටවල්ද උත්සාහ කරනවා. (නි)
ඔය හැම තෙලකම ගුණ අගුණ තිබෙනවා. ප්‍රමාණයකට ගත්තම ඔය කොයි තෙලත් හොඳයි. (නි)