IMG-LOGO

නිරෝගී දරුවන්ට ’කොවිඩ්’ එන්නත් ඕනෑ නෑ

අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ නිරෝගී දරුවන්ට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අත්‍යාවශ්‍ය නොවන බව, මහා බ්‍රිතාන්‍යයේ එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුවට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුවට යනු මහා බ්‍රිතාන්‍යයේ එන්නත් පිළිබඳ රජයේ ස්වාධීන උපදේශක මණ්ඩලයයි. විශේෂඥ වෛද්‍යවරුන් මේ බව පෙන්වා දී ඇත්තේ, මේ වනවිට රටවල් බොහොමයක් අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් ලබා දීම ආරම්භ කර ඇති බැවිනි.

''අවුරුදු 16 ට වැඩි සියලු දෙනා එන්නත් කිරීම කළ යුතුයි. අනිවාර්යයි. කෙසේ නමුත් 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ නිරෝගී දරුවන් එන්නත් කිරීම අනිවාර්ය කළ යුතු නැහැ. නමුත් ප්‍රතිශක්තිය අඩු විවිධ රෝගාබාධවලින් පෙලෙන දරුවන් සිටිනවා නම්, ඔවුන්ට එන්නත් ලබා දීම කළ යුතුයි. නිරෝගී දරුවන්ට කොවිඩ් 19 බලපෑම අවමයි. සිරුරේ ප්‍රතිශක්තියෙන් ඔවුන්ට ඉක්මණින් සුවය ලැබීමට හැකියාව තිබෙනවා.'' යැයි එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව නිකුත් කළ නිර්දේශවල දැක්වෙයි.

මෙම කමිටුවට මහා බ්‍රිතාන්‍යයට අයත් එංලගන්තයෙන්, ස්කොට්ලන්තයෙන්, වේල්සයෙන් සහ උතුරු අයර්ලන්තයෙන් විශේෂඥ වෛද්‍යවරු සම්බන්ධ වී සිටිති.

(ඒ.එෆ්.පී)



අදහස් (0)

නිරෝගී දරුවන්ට ’කොවිඩ්’ එන්නත් ඕනෑ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 350 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1855 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site