සෝල්හිදීය (රොයිටර්)
ලබන මාසයේදී න්‍යෂ්ටික වැඩබිම් වසා දැමීම නිරීක්ෂණය කරන්න පැමිණෙන්නැයි උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ ජනමාධ්‍යවේදීන්ට සහ විශේෂඥයන්ට ඉරිදා (29) ආරාධනය කළේය.
කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි වලින් තොර කලාපයක් බවට පත් කිරීමට උතුරු හා දකුණු කොරියානු නායකයෝ සිකුරාදා (27) පොරොන්දු වූහ. ඒ දශකයකට පසු දෙරටේ නායකයෝ හමුවීවීමෙන් පසුවය. එපමණක් නොව 1950-1953 කාලයේ පැවැති කොරියානු යුද්ධයෙන් පසු දකුණු කොරියාවට පැමිණි පළමු නායකයා බවට පත්වීමට ද කිම් ජොන්ග් උන් සමත්විය. ඒ වසර 65ක පසුය.
(055)
න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් නවතා දමන බවත් තම න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන වැඩබිම් තාවකාලිකව වසා දැමීමට රජය තීරණය කළ බව උතුරු කොරියානු නායකයන් දෙදෙනාගේ හමුවට පෙර උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. ආර්ථික වර්ධනය සහ සාමය කෙරෙහි තම රට අවධානය යොමු කර ඇතැයි එම වාර්තාවල දැක්විණි.
න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන වැඩබිම් ලබන මැයි මාසයේදී වසා දමන බවත් ඒවා නිරීක්ෂණය කිරීම ජාත්‍යන්තර ප්‍රජාවට ආරාධනා කරන බවත් උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ට ඔවුන් දෙදෙනාගේ හමුවේදී පවසා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd