වොෂින්ටන්හිදීය (රොයිටර්)
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සූදානම් නම් එරටට පනවා තිබෙන තිබෙන සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාව සූදානම් බව එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාව තුළ ආයෝජනය කිරීමට සූදානමක් නැතත් එරටට පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට සූදානම් බව ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.බී.එස් නාලිකාවේ ‘ෆේස් ද නේෂන්’ වැඩසටහනට එක්වෙමින් හෙතෙම එම කරුණු කීය.
“බදු ගෙවන මිනිසුන්ගේ සල්ලි අරගෙන උතුරු කොරියාවේ ආයෝජනය කරන්න අපේ සූදානමක් නැහැ. එහෙත් උතුරු කොරියාවට ආර්ථික සෞභාග්‍යය කරා යෑමට අවස්ථාව දෙමින් එරටට පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට අපි සූදානම්.
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන සම්පූර්ණයෙන්ම නවතා දමනවා නම් අපි සූදානම් සම්බාධක ඉවත් කරන්න. සම්බාධක ඉවත් කළාම ඇමෙරිකාවේ පෞද්ගලික සමාගම් වලට උතුරු කොරියාවට යෑමට අවස්ථාව ලැබනෙවා.
එම සමාගම්වලට උතුරු කොරියාවේ බලශක්ති, කෘෂිකාර්මික සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රවල ආයෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා” යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කීවේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd