කෙන්යාවේ නයිරෝබි නුවර ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවකයන් වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් දහස් ගණනක් මගීන්ට ගුවන්තොටුපළේ රැඳී සිටීමට සිදුවී ඇතැයි වාර්තා වේ. 

මේ හේතුවෙන් ගුවන් ගමන් බොහොමයක් අවලංගු කරන්නට සිදුවී ඇත.

ගුවන්තොටුපළ අධිකාරිය සහ ජාතික ගුවන් සේවය ඒකාබද්ධ කිරීම සම්බන්ධව  විරෝධය පල කිරීම සඳහා සේවකයින් විසින් මෙම වැඩ වර්ජනය දියත් කර තිබේ.

කෙසේ වුවද කෙන්යා රජය පවසන්නේ වැඩ වර්ජනය නීතිවිරෝධී එකක් බවයි.මගීන්ට අපහුතාවයන් ඇතිවීම වැළැක්වීම සඳහා ගුවන් හමුදාව යොදවා ඇතැයි බලධාරීහු පවසති.

විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් හටගෙන ඇති අතර කාන්තාවන් කිහිපදෙනකුට තුවාල සිදුවී ඇතැයි පොලිසිය වාර්තා කර ඇත.

(බීබීසී ඇසුරිණි - 085)