මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු යානය යුක්රේන රුසියා දේශසීමාවට ඉහළින් පියාසර කිරීමට අකමැති වූ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු තමන්ගේ සේවා වාරය හුවමාරු කැර ගැනීමෙන් ජීවිතය බේරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් දෙදෙනා පවසන්නේ ජ්‍යේෂ්ඨ නියමුව්න හා කාර්ය මන්ඩලය මේ යානය ගිය ගුවන් මාර්ගයේ යා නොහැකි බව සතියකට  කලින් මලයාසියා ගුවන් සේවයට පවසා ඇති බවයි එසේ වුව ද ඔවුන් සිය නියමුවන්ගේ සහ සේවකයන්ගේ නොකැමැත්ත නොසලකා හැර තිබේ.

යුරෝපයේ සිට ආසියාව දෙසට පැමිණෙන ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය ගුවන් සේවාවන්ට අයත් යානා කැරළි කරුවන්ගේ ප්‍රහාර නිරන්තරව එල්ලවන රුසියා හා නැගෙනහිර යුක්රේන දේශසීමා මඟහැර යන්නේ අමතර විනාඩි 20ක පියාසර කාලයක් ගත කරමිනි. එසේ සිදුවෙද්දී මලයාසියා යානය තම මගීන් අනතුරට පත්කරමින් මේ මාර්ගයේ පියාසර කළේ කවර හේතුවක් නිසා ද යන්න ගැන විවිධ මත ප්‍රකාශ වෙමින් පවතී. බොහෝ දෙනකු පවසන්නේ මලයාසියා ගුවන් සමාගමේ අභිප්‍රාය වන්නට ඇත්තේ ඉන්ධන ඉතිරිකැර ගැනීම බවයි.

කෙසේ වෙතත් මලයාසියා ගුවන් සේවය පවසන්නේ සතියකට ගුවන් යානා 150ක් පමණ මේ මාර්ගය භාවිතා කරන බැවින් තම සමාගම ද එම මාර්ගය භාවිතා කළ බවයි.