මියන්මාර ජාතික ගුවන් සේවයට අයත් මගී යානාවක් මන්ඩලේ ගුවන් තොටුපලට ගොඩබැස්වීමට සූදානම් වූ අවස්ථාවේ ඉදිරිපස රෝද ක්‍රියාත්මක නොවුණු නමුත් යානය ආරක්ෂිතව නවත්වාගැනීමට නියමුවා සමත් වී ඇතැයි වාර්තා වේ.
ගුවන් යානයේ ඉදිරි කොටස බිම වැදී නතර වී ඇති අතර යානයේ කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැත.එම අවස්ථායේ යානයේ මගීන් සියයකට වැඩි පිරිසක් සිටින්නට ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
යොන්ගොන් ගුවන් තොටුපලෙන් ගුවන් ගතවී ඇති යානය ගොඩබැස්වීමේදී ඉදිරිපස ජියරය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුරුදායක තත්ත්වය උදාවී ඇත.
එම අවස්ථාවේ ගුවන් නියමුවා දක්ෂ ලෙස යානය මෙහෙයවමින් අනතුර මගහරවාගත් බව මියන්මාර ගුවන් සේවා නිලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොම්බෙන් යනවා කියන්නේ මේකට
මේ රෝද දිග ඇරෙන්න තවත් යාන්ත්‍රික ලිවරයක් ක්‍රියාත්මක වුනානම් හොදයි. එහෙමත් නැත්නම් රෝද අකුල්ලන්නේ නැතිව තියාගන්න ඕනේ රබර් ටයර් නිසා එක අපහසුයි.