IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නියාමනයට විවෘත යැයි ෆේස්බුක් සමාගම කියයි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඩිජිටල්, සංස්කෘතික, මාධ්‍ය හා ක්‍රීඩා කමිටුව ‘අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත්’ පිළිබඳ අවසන් වාර්තාවේ නිර්දේශ අනුව අර්ථාන්විතව නියාමන කිරීමට තමන් විවෘත යැයි ෆේස්බුක් සමාගමේ එක්සත් රාජධානියේ මහජන ප්‍රතිපත්ති කළමනාකාර කරීම් පැලැන්ට් පැවැසීය. 

 
“අර්ථාන්විතව නියාමන කිරීමට අපි විවෘතයි. ඒ වගේම කමිටුවේ නිර්දේශවලට අනුව මැතිවරණ නීති ප්‍රතිසංස්කරණවලට ද අපි සහයෝගය දෙනවා. දත්ත භාවිත කිරීමේදී සහ පරිශීලකයන් වෙනුවෙන් විනිවිදභාවය පවත්වාගෙන යාමේදී සමාගම් ඉහළ ප්‍රමිති පවත්වාගෙන යා යුතුයි. සමාගම් ඒ සඳහා වගකිව යුතු පෞද්ගලිකත්වය පිළිබඳ ඵලදායී නීතිරීති ගෙන එන්නේ නම් අපි ඊට ද සහයෝගය ලබාදෙනවා” යැයි හෙතෙම කීය.
 
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඩිජිටල්, සංස්කෘතික, මාධ්‍ය හා ක්‍රීඩා කමිටුව ‘අසත්‍ය තොරතුරු සහ ව්‍යාජ පුවත්’ පිළිබඳ අවසන් වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව ෆේස්බුක් සමාගමේ එක්සත් රාජධානියේ මහජන ප්‍රතිපත්ති කළමනාකාර කරීම් පැලැන්ට් එම කරුණු සඳහන් කළේය. 
 
ෆෙස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වුවමනාවෙන්ම දත්තවල පෞද්ගලිකත්වය සහ තරගකාරීත්වය සම්බන්ධයෙන් පවතින නීතිරීති උල්ලංඝණය කර ඇති බවත් එම නිසා ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා එම සමාගම ඇතුළු අනෙකුත් සියලු තාක්ෂණික සමාගම් නියාමනය කළ යුතු යැයි එම කමිටු වාර්තාව සැකසීමට එක්වූ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැවැසූහ. 
 
ෆෙස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් “නායකත්වය සහ පෞද්ගලික වගකීම” යන කරුණුවලදී අසමත් වී ඇතැයි ද එම කමිටුව පෙන්වා දී ඇත. ෆෙස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය ඇතුළු මහ පරිමාණ තාක්ෂණික සමාගම් ඔවුන්ගේ වෙබ් අඩවි සහ අන්තර්ජාල වේදිකාවල (ප්ලැට්ෆෝම්) හානිකර අන්තර්ගතයන් නැවැත්වීමට අසමත් වී ඇතැයි ද එම කමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දී තිබේ. 
අසත්‍ය තොරතුරු, විදේශ මැතිවරණවලට කරන ලද බලපෑම් සහ පෞද්ගලික දත්තවලට තිබෙන අවදානම යනාදිය සම්බන්ධයෙන් කරුණු අදාළ වාර්තාවේ ඇතුළත් වේ. 
 
“අන්තර්ජාල වේදිකා (ප්ලැට්ෆෝම්ස්) සහ ජනතාව අතර බලය සමතුලිතාවයේ විප්ලවකාරී වෙනසක් සිදු විය යුතු” යැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඩිජිටල්, සංස්කෘතික, මාධ්‍ය හා ක්‍රීඩා කමිටුවේ සභාපති ඬේමියන් කොලින්ස් පැවැසීය. 
 
ප්‍රමාණවත් නැති ස්වයං නියාමන කාලය අවසන් විය යුතු බව ද කොලින්ස් කීවේය. මාස 18 
ක විමර්ශනයකින් පසුව ඉහත කී වාර්තාව එළිදක්වන ලදි. ෆෙස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය “වුවමනාවෙන්ම සහ අනුදැනුම ඇතිව දත්ත පෞද්ගලිකත්වයට සහ තරගකාරීත්වයට එරෙහි නීති උල්ලංඝණය කර ඇත” යන්න එම විමර්ශනයේ අවසන් නිගමනය විය.
 
“පුරවැසියන්ගේ අයිතිවාසිකම් නීතියෙන් ස්ථාපිත විය යුතුයි. තාක්ෂණික සමාගම් පාර්ලිමේන්තුවේදී නීතියක් ලෙස සම්මත වූ ආචාර ධර්ම සංග්‍රහයක් පිළිපැදිය යුතුයි. එමෙන්ම ස්වාධීන නියාමකයකු මගින් එය පාලනය විය යුතු” යැයි ද කොලින්ස් පැවැසීය.
 
කෙසේ නමුත් ෆෙස්බුක් සමාගම එල්ල වූ එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කමිටුව සිය වාර්තාවෙන් අවධානය යොමු කර තිබෙන ව්‍යාජ පුවත් සහ මැතිවරණවල අවංක බව සම්බන්ධයෙන් කරුණු බෙදාහදාගත් බව සඳහන් කළේය.
 
 
(රොයිටර් ඇසුරිනි ) 
 
055

 



අදහස් (0)

නියාමනයට විවෘත යැයි ෆේස්බුක් සමාගම කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site