IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 18 ක් මියයති

නයිජීරියාවේ ඊසානදිග මයිදුගුරි නගරයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 18 දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
මරාගෙන මැරෙන ප්‍රහාකයින් තිදෙනකු බෝම්බ පුපුරුවාගෙන ඇති අතර බෝම්බ දෙකක් මාළු වෙළඳසැලක ද අනික ඒ ආසන්න ස්ථානයක ද පුපුරුවා ඇත. 
 
ආරක්ෂක අංශ පවසන්නේ බෝකෝහරාම් ත්‍රස්තයන් විසින් මෙම ප්‍රහාර සිදු කර ඇති බවයි.
 
2009 වර්ෂයේ සිට මේ දක්වා බෝකෝ හරාම් ත්‍රස්තයන් විසින් සිදුකල ප්‍රචණ්ඩ ක්‍රියා වලින් නයිජීරියාවේ 20000ක් පමණ මියගොස් ඇති බවද මිලියන දෙකක පමණ පිරිසක් අවතැන් වී ඇති බවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
 
(රොයිටර් ඇසුරිණි - 085)



අදහස් (0)

නයිජීරියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 18 ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site