නයිජීරියාවේ ඊසානදිග මයිදුගුරි නගරයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 18 දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මරාගෙන මැරෙන ප්‍රහාකයින් තිදෙනකු බෝම්බ පුපුරුවාගෙන ඇති අතර බෝම්බ දෙකක් මාළු වෙළඳසැලක ද අනික ඒ ආසන්න ස්ථානයක ද පුපුරුවා ඇත.
ආරක්ෂක අංශ පවසන්නේ බෝකෝහරාම් ත්‍රස්තයන් විසින් මෙම ප්‍රහාර සිදු කර ඇති බවයි.
2009 වර්ෂයේ සිට මේ දක්වා බෝකෝ හරාම් ත්‍රස්තයන් විසින් සිදුකල ප්‍රචණ්ඩ ක්‍රියා වලින් නයිජීරියාවේ 20000ක් පමණ මියගොස් ඇති බවද මිලියන දෙකක පමණ පිරිසක් අවතැන් වී ඇති බවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd