නයිජීරියාවේ ඊසානදිග මූබි නගරයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරගෙන සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කිහිපයකින් 24 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
සවස් කාලයේ බැතුමතුන් යාඥා කරන අවස්ථාවේ ප්‍රහාර එල්ල වී ඇති අතර දේවස්ථානය තුළ හා ඉන් පිටත බෝම්බ පිපිරී ඇති බව බලධාරීහු පවසති.
අදමාවා ප්‍රාන්ත පොලිසිය පවසන්නේ ප්‍රහාරය පිටුපස බෝකෝ හරාම් ත්‍රස්තයන් සිටින බවට සැකකරන බවයි.
2009 වර්ෂයේ සිට උතුරුදිග නයිජීරියාවේ වෙනම පාලනයක් ඉල්ලමින් බෝකෝ හරාම් ත්‍රස්තවාදින් සටන් කරන අතර ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වනවිට 20000ක් පමණ මියගොස් දසලක්ෂයක් පමණ අවතැන් වී ඇතැයි පැවසේ.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd