නයිජීරියාවේ ඊසානදිග චිබොක් නගරයේ කඩවීදියක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13දෙනකු පමණ මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්ථා කරයි. ප්‍රහාරයෙන් 30ක් පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයිද වාර්ථා වේ.

එරට පොළීසිය සඳහන් කරන්නේ ප්‍රහාරයට තිදෙනකුවත් පැමිණෙන්නට ඇතැයි සැකකරන බවයි.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නැතත් 2014 වර්ෂයේදී චිබොක් නගරයේ පාසැල් සිසුවියන් 200ක් පමණ පැහැරගෙන ගිය බෝකෝ හරාම් සංවිධානය මෙි පිටිපස සිටින බවට සැකකරන බව නයිජීරියානු පොළීසිය පවසා ඇත.