නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ පාසලකින් පැහැරගනු ලැබූ දරුවන්ගෙන් 344 දෙනකු නිදහස්කර ඇතැයි වාර්තාවේ.
කස්ටිනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ නිදහස් කළ දරුවන් සියලුදෙනා සුවයෙන් පසුවන බවයි. ඔවුන් කස්ටිනා නගරය වෙත රැගෙන යන බවද පසුව දෙමාපියන් වෙත බාරදෙන බවද ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශක අබ්දුල් ලබරන් මහතා පවසයි. දරුවන් කිසිවකු ඝාතනය කර ඇති බවට වාර්තාවී නොමැති බවද ඔහු සඳහන් කරයි.
කෙසේවුවද තවත් මාධ්‍ය වාර්තා පවසන්නේ දරුවන් පිරිසක් තවදුරටත් අත්අඩංගුවේ පසුවන බවයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් කට්සිනා ආණ්ඩුකාර අමිනු බෙලෝ මහතා, "පැහැරගත් දරුවන්ගෙන් වැඩිදෙනකු නැවත පැමිණ තිබෙනවා. නමුත් සියලු දෙනාම පැමිණ නැහැ," යනුවෙන් පවසා ඇත.
දරුවන් පැහැරගත්තේ කවුරුන් විසින් ද යන්න මුලින් අනාවරණය නොවූ නමුත් ඉස්ලම් සටන්කාමී කණ්ඩායමක් වන බෝකෝහරාමි විසින් දරුවන් පැහැරගනු ලැබූ බව පසුව නිකුත් කළ වීඩියෝ දර්ශනයකින් පැහැදිලි වූ බව කට්සිනා බලධාරීහු පවසති.
කට්සිනා ප්‍රාන්තයේ කන්කාරා නගරයේ පිහිටි මෙම නේවාසික පාසලට පසුගිය සිකුරාදා කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් දරුවන් පැහැරගනු ලැබිණ.
(බීබීසී ඇසුරිණි - 085)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
නයිජීරියාවේ පාසලකින් පැහැරගත් සිසුන් 344ක් නිදහස් කරති