
නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටී අනතුරක් සිදුවිය. එයින් දරුවන් විසි දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 130 කට වැඩිය.
කඩා වැටුණේ මධ්‍යම නයිජීරියාවේ ශාන්ත ඇකඩමි පාසලට අයත් ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ල කඩා වැටෙද්දී එහි සිසුන් 1,000 කට වැඩි පිරිසක් සිටි බව පැවැසෙයි.
සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ලහිලහියේ ආරම්භ වුණු බව ද පැවැසෙයි.
පසුගිය දින කීපය පුරාවට පාසල පිඑිටි මෙම ප්‍රදේශයට නොකඩවා මහ වැසි ඇද හැලුණි. එම මහ වැසි හේතුවෙන් ගොඩනැගිල්ල කඩා වැටෙන්න ඇතැයි අනුමාන කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd