නයිජීරියාවේ බෝකෝහරාම් ත්‍රස්තකණ්ඩායම් වල ග්‍රහනයේ පැවති ඊසානදිග ප්‍රදේශයේ 75000ක් පමණ දරුවන් ඉදිරි මාස කිහිපය ඇතුලත බඩගින්නේ මිය යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානවවාදී සම්බන්ධීකාරක පීටර් ලුන්ඩ්බර්ග් පවසන්නේ සමස්ථයක් ලෙස ලක්ෂ 140ක ජනතාවට මානුෂීය ආධාර අවශ්‍ය වන බවයි. මෙම අවධානම් තත්වයෙන් මිදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව අවශ්‍ය තරම් අරමුදල් නොමැති බවද මෙය බරපතල තත්වයක් ලෙස සලකා සීග්‍ර පිළියම් යෙදිය යුතු බවද ඔහු පවසයි.
බෝකෝ හරාම් සටන් ඇවිලුනු 2009 වර්ෂයේ සිට මේ දක්වා දස දහස් ගනනක් පිරිස මියගොස් ඇත. විසි ලක්ෂයක පමණ ජනතාව අවතැන් වි ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd