නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ ප්‍රාන්තයේ ගුබියෝ දිස්ත්‍රික්කයේ ගම්මානයකට තුවක්කුකරුවන් පිරිසක් විසින් ඒල්ල කළ ප්‍රහාරයකින් 59දෙනකු මියගොස් තිබේ.
ගම්මානය ද ප්‍රහාරකයිිිින් විසින් විනාශ කර ඇති අතර මෙය පළිගැනීම සඳහා සිදුකරන ලද ප්‍රහාරයක් යැයි විශ්වාස කරන බව ප්‍රාදේශීය මාධ්‍ය පෙන්වා දෙයි.
කිසිදු කණ්ඩායමක් තවමත් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැති නමුත් පොලිසිය පවසන්නේ ඒය ජිහාඩ් සංවිධානයට අනුබද්ධ බෝකෝ හරාම් සටන්කාමීන් විසින් සිදුකරන ලද්දක් බවට සැකකරන බවයි.
මියගිය සංඛ්‍යාව 59ක් බවට ඒ්ඒෆ්පී පුවත් සේවය වාර්තා කර ඇතත් ඒම සංඛ්‍යාව 69ක් බව රොයිටර් පුවත් සේවය පවසයි.
සටන්කාමීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ද තොරතුරු ගම්වැසියන් විසින් ආරක්ෂක අංශ වලට ලබාදෙන බවට සැකකිරීම මෙම ඝාතන වලට හේතුව බවද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
කෙසේවුවද ඒ්ඒෆ්පී පුවත් සේවය පවසන්නේ ගැමියන් පශු සම්පත් ආරක්ෂා කිරීම සඳහා ජිහාඩ් සටන්කරුවන් ඝාතනය කිරීමට පලිගැනීමක් වශයෙන් මෙම ඝාතනයන් සිදුකර ඇති බවයි.
බෝකෝහරාම් සටන්කාමීන් අසල්වැසි රාජ්‍යයන් වන චැඩ්, නයිජර් සහ කැමරූන්හි ද සටන් මෙහෙයවයි.
පසුගිය මාර්තු මාසයේදී සටන්කාමීන් විසින් නයිජීරියානු සොල්දාදුවන් 47 දෙනකු මරා දැමූහ.
වසර 10ක පමණ කාලයක සිට පවතින ගැටුම් හේතුවෙන් දස දහස්ගනනක් මියගොස් ඇති අතර තවත් බොහෝදෙනකු අවතැන් වී තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
නයිජීරියාවේ ගම්මානයකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයකින් 59 ක් මරුට
Binkunndaa Thursday, 11 June 2020 09:01 PM
බටහිර, උතුර හා නැගෙනහිර රටවල කිතුණුවන් අමුඅමුවේ මරාදමනවා. කිසිවෙක් ඒ ගැන සොයාබලන්නෙත් නැහැ.
BinkunnndaFriday, 12 June 2020 08:18 AM
බටහිර, උතුර හා නැගෙනහිර අප්‍රිකානු රටවල කිතුණුවන් අමුඅමුවේ මරාදමනවා. කිසිවෙක් ඒ ගැන සොයාබලන්නෙත් නැහැ.