නයිජීරියාවේ අනාථ කඳවුරක සිටි 200කට ආසන්න සරණාගතයන් පිරිසක් මන්ද පෝෂණය හේතුවෙන් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

බොකෝ හරාම් ත්‍රස්තවාදීන්ගෙන් මිදී පළා ආ විසි දහසකට ආසන්න පිරිසක් එම කඳවුරේ නවාතැන් ගෙන සිට ඇති අතර අධික කුසගින්නෙන්ද විජලනයෙන්ද ඔවුහු බැටකන බව කියති. මිය ගිය පිරිස අතර කුඩා දරුවන් රැසක්ද සිටින බව වාර්තාවේ.

නයිජීරියා හමුදා සහ බොකෝ හරාම් ත්‍රස්තයන් අතර සන්නද්ධ අරගල හේතුවෙන් පසුගිය සමයේ විසි ලක්ෂයකට අධික පිරිසක් අවතැන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.