නයිජීරියාවේ ඊසානදිග සැම්ෆාරා ප්‍රදේශයේ රන් ආකරයක සේවය කරන පතල්කරුවන් 36දෙනක් තුවක්කුකරුවකු විසින් මරා දමා ඇතැයි නයිජීරියා පොලීසිය පවසයි.

සැම්ෆාරා නගරාධිපති පවසනුයේ වෙඩිතැබීමට හේතුව පැහැදිලි නැති බවත් මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක ප්‍රතිපලයක් විය හැකි බවයි. පසුගිය කාලයේ මේ ප්‍රදේශයේ ආක්‍රමණයන් සිදුකළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් මැඩපැවැත්වීම සඳහා නයිජීරියා ජනාධිපති  විශේෂ භට ද පිරිස් යවා තිබිණි.