නයිජීරියාවේ බෝකෝ හරාම් ඉස්ලාමික අන්තවාදී කණ්ඩායම එරට ද්විතියීක පාසලකින් පැහැරගෙන ඇති සිසුවියන් 276 දෙනා සොයා සිදුකෙරෙන මෙහෙයුම් වලට සහය දීමට දැන් ලෝක බලවත්හු එකතු වෙමින් සිටිති.
පසුගියදා ඇමරිකා ජනපති බරක් ඔබාමා සතිපතා ඇමරිකා ජනතාව අමතා කරන ප‍්‍රකාශය ප‍්‍රථම වතාවට සිදුකළ ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා පැහැරගත් දැරියන් සොයා සිදුකෙරෙන කටයුතු වලට ඇමරිකාව උපරිමයෙන් සහයවන බවත් ඒ සදහා අවැසි පියවර දැනටමත් තම ස්වාමියා ගනිමින් සිටිනා බවත් පැවසුවාය.
තමන් දියණියන් දෙදෙනෙකුගේ මවක හෙයින් මෙම අතුරුදන්වූ දැරියනගේ මව්වරුන් විදිනා වේදනාව තමන් හොදින්ම අදුනන බව ඇය කීවාය.
බි‍්‍රතාන්‍යය දැනටමත් අපරාධ පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් ප‍්‍රවිණයන් කණ්ඩායමක් නයිජීරියාව වෙත යවා ඇත.
පසුගිය මස 14 වැනිදා පාසලේ ඉගෙනගනිමින් සිටි දැරියන් 276 දෙනෙකු පැහැරගෙන ගොස් මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී තිබේ.මේ දක්වාම ඔවුන් සිටින ප‍්‍රදේශයක් ගැන නිශ්චිත තොරතුරු සොයාගැනීමට කිසිවෙකුටත් හැකිවී නොමැත.තමන්ගේ ඉල්ලීම් වලට බළධාරීන් කන් නොදෙන්නේනම් මෙම දැරියන් සියලූදෙනා වහල් සේවයට විකුණා දමන බවට අන්තවාදීහු තර්ජනය කරමින් සිටිති.
පසුගිය සතියේ තවත් දැරියන් 8 දෙනෙකු වෙනත් ගම්මානයකින් පැහැර ගෙන ගොස් තිබේ.
බොකෝ හරාම් අන්තවාදීන්ගේ තර්ජනය සුලූ කොට තකන්නට නයිජීරියාව මෙන්ම ලොව බලවත් රටවල් කටයුතු කිරීම නිසා මෙවැනි වාතාවරණයක් උද්ගතව ඇතැයි මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පසුගියදා නිවේදනය කළේය.විශේෂයෙන් නයිජීරියා ආරක්ෂක අංශ වලට අවි ගත් පුද්ගලයින් නයිජීරියාවේ විවිධ ප‍්‍රදේශ වල ස්ථාන ගතවෙමින් සිටින බවට නොයෙක් අවස්ථාවන්හි දැනුම් දුන්නද ඔවුන් කිසිත් නොකර බලා සිටීම නිසා දැන් තත්ත්වය බරපතල වී ඇතැයිද මදක් සැළකිලිමත්වී නම් මේ සියල්ල වළක්වාගත හැකිව තිබුණේ යැයිද ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ නිවේදනයේ සදහන්ය.
දැනට සිදුකෙරෙමින් ඇති පරීක්ෂණ කටයුතු වලට අනුව පැහැරගනු ලැබූ දැරියන් නයිජීරියාව හා කැමරූන් දේශය වෙන්කරන සම්බිසා වනයේ රදවා ඇතැයි සැක කෙරේ.ඔවුන් කණ්ඩායම් වලට බෙදා වනයේ තැන් තැන්වල රදවන්නට බොහෝ හරාම් අන්තවාදීන් කටයුතු කර ඇතැයි ආරක්ෂක විශේෂඥයින්ගේ මතයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොකද එකපාරටම අනුකම්පාවක්? (නි)
අවශ්‍යනම් චන්ද්‍රිකා ඡායාරූප වලින් හොයාගන්න පුළුවන්නේ මේකත්(දිල්)
අවවාදයයි ලංකාවේ ඉන්න පකිස්තාන් කරයන්ගෙන් පරිස්සම් වෙන්න.(නදී)
ලංකාවේ ඉන්න පකිස්තාන් කාරයන්ගෙන් ප්‍රවේසම් වෙන්න ලංකාවට ඔවුන් ලොකු පිලිලියක් වෙන්න පුළුවන් (නදී)
අපේ කට්ටිය ගිහින්ද එපැත්තට (අ)
ඕවට කතා කරන්න ගිහිල්ල මොකටද නිකන් ? (නදී)
ඔව් ඒකනේ, ඔබාමා කොහේද හිටියේ? (නි)
මේ බෝකෝ හරාම් කියන්නේ අල්කයිඩාව වගේ ඇමෙරිකාවේ සි.අයි.ඒ.එකෙන් පුහුණු කළ කණ්ඩායමක්. දැනට ඇමරිකාව විසින් කොල්ලකන නයිජීරියාවේ තෙල් ජනසතු කරන්න එරට ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමටයි මේ වැඩේ කරන්නේ. (නි)
අපේ දරුවෝ උඩ විසිකරලා කඩු අල්ලනකොට නම් ඔය සමහර මානව ක්‍රියාකාරීන්ගේ ඇස් වලට කඳුළු ඉනුවේ නැහැ නේද ? (නි)
ඇමෙරිකාවේම දහස් ගණනක් අවුරුද්දකට නැතිවෙනවා.එතකොට තෙල් නැති රටවලත් ඔය වගේමයි. ඒත් මොකද මේ හදිසියේම කරුණාවක් පහළ වෙලා තියෙන්නේ? (නි)
අන්තවාදය විනාශය කැඳවයි. (නි)
අන්තවාදීන් සමාජයට පිළිකාවක් (නි)
චමල්, අනිවාර්යෙන්ම ලංකාවෙත් ආයුෂ තව ටික කාලෙකට විතරයි කියලා හිතෙනවා මෙහෙම ගියොත්. (නි)
දැන් ලංකාවේ අමුතු අමුතු දේවල් කරන්න කියලා බලකරන ඇත්තෝ පස්සෙත් බෝකෝ හරාම් නැති වුණත් මොකක් හරි බලවේගයක් හොල්මන් කරන වග අප දැනගත යුතුයි (නි)
තව ටික කාලෙකින් ලංකාවෙත් බොකෝ හරාම් පටන් ගනියි කියලා මට හිතෙනවා (නි)
ග්ලෝබල් රිසර්ච් වෙබ් අඩවියන් මෙය සම්බන්ධ තොරතුරු පැහැදිළිව බලාගත හැක. http://www.globalresearch.ca/ (ස)
ඉරාකයේ ,සිරියාවේ වගේ රටවල් වල කුඩා ළමයින් සිය ගණන් ඇමරිකන් හමුදාව බෝම්බ දාලා මරනකොට ඔබාමලා කොහෙද හිටියේ? නයිජීරියාව තෙල් සම්පත තිබෙන රටක්. (නි)