
උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ බර තවත් අඩුවී ඇතැයි දකුණු කොරියා පුවත් සේවා වාර්තා කරයි.
පසුගිය 8 වැනිදා රාත්‍රියේ, උතුරු කොරියාවේ හමුදා පෙළපාළියක් පැවැත්විණි. නායක කිම් ජොන් උන් ඊට සහභාගී වූ අතර ඔහු පෙළපාළියට එක් වුණු සොල්දුදාවන්ට අත වනමින් ආචාර කරන අයුරු දකින්න ලැබුණි.
එහිදී පැහැදිලිව පෙනී ගිය කරුණක් වූයේ ස්ථුල ශරීරයකට හිමිකම් කියන කිම් ජොන් උන්ගේ බර කිලෝ ග්‍රෑම් 20 කින් පමණ අඩු වී ඇති බවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කර ඇත්තේ නායක කිම් ජොන් උන් කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙනවා විය හැකි බවය.
තම නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් උතුරු කොරියා රජය කිසිදු අවස්ථාවක කිසිවක් ප්‍රකාශ කර නැත. කිම් ජොන් උන් දැඩි ලෙස දුම්පානය කරන බව ද පැවැසෙයි. ඊට අමතරව, කිම් ජොන් පවුලේ සාමාජිකයන් බොහෝ දෙනකු මියගොස් ඇත්තේ හදවත් රෝගවලට ගොදුරු වෙමින් යැයි පැවැසෙයි.
පසුගිය 8 වැනිදා රාත්‍රියේ පැවැති හමුදා පෙළපාළිය මීට පෙර පැවැති හමුදා පෙළපාළිවලට වඩා වෙනස් එකක් යැයි ද දකුණු කොරියා පුවත් සේවා පෙන්වා දෙයි. හමුදා ශක්තිය ප්‍රදර්ශනය කෙරුණ ද මිසයිල හෝ ප්‍රබල අවි කිසිවක් හෝ එම පෙළපාළියේ දී ප්‍රදර්ශනය කෙරුණේ නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු කොරියාව කියන්නේ එළිමහන් සිර කඳවුරක්. ලෝකෙට පේන්න ළමයින්වත් ළඟ තියන් ඉන්නවා .කොහෙත් එකම තියරිය තියෙන්නේ