IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නායක කිම් ජොන් උන්ගේ බර තවත් අඩුවෙලා

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ බර තවත් අඩුවී ඇතැයි දකුණු කොරියා පුවත් සේවා වාර්තා කරයි.
පසුගිය 8 වැනිදා රාත්‍රියේ, උතුරු කොරියාවේ හමුදා පෙළපාළියක් පැවැත්විණි. නායක කිම් ජොන් උන් ඊට සහභාගී වූ අතර ඔහු පෙළපාළියට එක් වුණු සොල්දුදාවන්ට අත වනමින් ආචාර කරන අයුරු දකින්න ලැබුණි.

එහිදී පැහැදිලිව පෙනී ගිය කරුණක් වූයේ ස්ථුල ශරීරයකට හිමිකම් කියන කිම් ජොන් උන්ගේ බර කිලෝ ග්‍රෑම් 20 කින් පමණ අඩු වී ඇති බවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කර ඇත්තේ නායක කිම් ජොන් උන් කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙනවා විය හැකි බවය.

තම නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් උතුරු කොරියා රජය කිසිදු අවස්ථාවක කිසිවක් ප්‍රකාශ කර නැත. කිම් ජොන් උන් දැඩි ලෙස දුම්පානය කරන බව ද පැවැසෙයි. ඊට අමතරව, කිම් ජොන් පවුලේ සාමාජිකයන් බොහෝ දෙනකු මියගොස් ඇත්තේ හදවත් රෝගවලට ගොදුරු වෙමින් යැයි පැවැසෙයි.

පසුගිය 8 වැනිදා රාත්‍රියේ පැවැති හමුදා පෙළපාළිය මීට පෙර පැවැති හමුදා පෙළපාළිවලට වඩා වෙනස් එකක් යැයි ද දකුණු කොරියා පුවත් සේවා පෙන්වා දෙයි. හමුදා ශක්තිය ප්‍රදර්ශනය කෙරුණ ද මිසයිල හෝ ප්‍රබල අවි කිසිවක් හෝ එම පෙළපාළියේ දී ප්‍රදර්ශනය කෙරුණේ නැත.

(රොයිටර්)



අදහස් (1)

නායක කිම් ජොන් උන්ගේ බර තවත් අඩුවෙලා

sampath Friday, 10 September 2021 09:19 PM

උතුරු කොරියාව කියන්නේ එළිමහන් සිර කඳවුරක්. ලෝකෙට පේන්න ළමයින්වත් ළඟ තියන් ඉන්නවා .කොහෙත් එකම තියරිය තියෙන්නේ

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site