නිමාවක් නැති ඇෆ්ගන් සංග්‍රාමය අවසන් කරන බවත්, ලබන මැයි පළමු වැනිදා සිට, ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගෙන්වා ගැනීම ආරම්භ කරනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබේ.
මේ වනවිට ඇෆ්ගනිස්තානයේ රඳවා තැබෙන්නේ ඇමෙරිකන් සොල්දාදුවන් 2,500 දෙනකු පමණි.
ඔවුහු ඇෆ්ගන් රජයටත්, එරට හමුදාවටත් උපදේශකවරුන් ලෙස පමණක් කටයුතු කරති.
මෙම 2,500 ක සොල්දාදුවන් කාණ්ඩ වශයෙන් ඉවත් කර ගන්නා බවත්, මෙම සැප්තැම්බර් 11 වැනිදා වනවිට ඇෆ්ගනිස්තානයෙන් සියලු ඇමෙරිකන් සොල්දාදුවන් ඉවත් කර ගන්නා බවත් ජනපති බයිඩන් අවධාරණය කර තිබේ.
ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය මගී ගුවන් යානා යොදා ගනිමින්, ඇමෙරිකාවට පහර දුන්නේ 2001 සැප්තැම්බර් 11 වැනිදාය. ඒ, මීට වසර 20 කට පෙරය.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීමත්, තලේබාන්වරුන්ට එරෙහි යුද ප්‍රකාශ කිරීමත් සිදුවූයේ ඉන්පසුවය.
වොෂින්ටනයේදීය (රොයිටර්)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
නිමක් නැති ඇෆ්ගන් සංග්‍රාමය නිමා කරනවා