බංග්ලාදේශයේ නරයන්ගන්ජ් ශුද්ධවු පරිශ්‍රයක ස්නානය කිරීමේ චාරිත්‍රයකට සුදානම්ව සිටි හින්දු බැතිමතුන්ගෙන් තෙරපීම හේතුවෙන් අවම වශයෙන් 10 දෙනෙක් මියගොස් ඇතැයි විදේස් ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.
පොලිස් පරික්ෂක නසාර් අහමඩ් මාධ්‍යයට පවසා ඇත්තේ මෙම සිදුවීම අතිවිශාල මිනිසුන් ප්‍රමාණයක් එක්රොක් වීම හේතුවෙන් සිදුවන්නට ඇති බවයි.
කෙසේ වෙතත් මෙම මරණවලට හේතුව තවමත් පැහැදිලි නොමැති බව ප්‍රකාශ කරණ අහමඩ් පවසන්නේ අසාමාන්‍ය ලෙස විශාල බැතිමතුන් සංඛාවක් මෙම චාරිත්‍රය වෙනුවෙන් එක්ව සිටි බවයි.
බංග්ග්ලාදේශයේ විශාලම වාර්ෂික හින්දු උත්සවයක් වන අස්ටාමී ස්නන් උත්සවය සමරණ අවස්ථාවේදි මෙම අනතුර සිදුව තිබේ.
බංග්ලදේශය සහ අවට රටවල්වලින් දස ලක්ෂයකට වැඩි බැතිමතුන් සංඛ්‍යාවක් ලැන්ගල්බැන්ඩ්හි, බ්‍රහ්මපුත්‍ර නදියේ ස්නානය සඳහා වසරකට සැරයක් එක්වෙති.
මෙම සිද්ධිය වු ස්ථානය අවට පාවහන් දස දහස් ගණනක් විසිරි ඇති බව පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ වයස අවුරුදු පනහට වැඩි කාන්තාවන් හත්දෙනෙක් සහ පිරිමින් තිදෙනෙක් තෙරපීමෙන් මියගොස් ඇති බවයි.
2025 නොවැම්බර් මස 04
451
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නෑමේ සිරිත මරණයකින් අවසන් වේ
සොපී Saturday, 28 March 2015 03:49 AM
නිසි සංවිධානයක් නැති කමනේ .....(ම)
දුමින්ද Monday, 30 March 2015 04:18 AM
භක්තිය ජීවිතය මරණය පුද්ගලිකය (බ)
උදිත් Monday, 30 March 2015 07:29 AM
එතන දෙවියෝ ඉදලා නැද්ද? (ස)