මෙම වසරේ සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඉංග්‍රීසි බසින් පොත් ලියන ටැන්සානියා ලේඛක අබ්දුල් රසාක් ගුර්නාර්ට පිරිනැමීමට තීරණය කළ බව ස්වීඩන ඇකඩමිය පවසා තිබේ.
යටත්විජිතවාදයේ බලපෑම් සහ සරණාගතයාගේ ඉරණම කෙරෙහි සම්මුති විරහිතව දයානුකම්පිතව සාහිත්‍යකරණයේ නියැලීම ඇගයීමට ලක් කරමින් 2021 වසර සඳහා නොබෙල් සාහිත්‍ය ත්‍යාගය 73 හැවිරිදි අබ්දුල් රසාක් ගුර්නාර් ට පිරිනමන බව සාහිත්‍යය පිළිබඳ නොබෙල් කමිටුව හේතු පාඨ වශයෙන් පැහැදිලි කර තිබේ.
නොබෙල් රන් පදක්කමට අමතරව, මුදලින් ස්වීඩන ක්‍රෝනෝර් මිලියන 10 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 1.14 ක්) ගුර්නාර් ට හිමිවනු ඇත.
ගුර්නාර් නවකතා 10 ක් සහ කෙටි කතා ගණනාවක් රචනා කර තිබේ. 1994 වසරේ දී ගුර්නාර් විසින් රචනා කරනු ලැබූ 'පැරඩයිස්' නවකතාව විචාරකයන්ගේ පැසැසුමටත් සම්මාන රැසකටත් පාත්‍ර විය. මෙම නවකතාවට පාදක වන්නේ දෙවැනි ලෝක යුද සමයේ නැගෙනහිර අප්‍රිකා රටවලට එල්ලවුණු යටත්විජිතවාදයේ බලපෑමය.
මේ වනවිට රසායන විද්‍යා, භෞතික විද්‍යා සහ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන් හිමිවන්නේ කාටදැයි ද නොබෙල් කමිටුව ප්‍රකාශයට පත් කර අවසන්ය.
2021 සඳහා, රසායන විද්‍යා නෙබෙල් ත්‍යාගය, ඖෂධ නිෂ්පාදනයට සුදුසු ආකාරයේ, පරිසර හිතකාමී නව අණු නිර්මාණයට දායක වූ ජර්මන් විද්‍යාඥ බෙන්ජමින් ලිස්ට් සහ ස්කොට්ලන්ත විද්‍යාඥ ඩේවිඩ් මැක්කලන් අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කර තිබේ.
මීට අමතරව, භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ ඇමෙරිකන් ජපන් විද්‍යාඥ සියුකුරෝ මනාබේ, ජර්මනියේ කපවුස් හෙසල්මන් සහ ඉතාලියේ ජියෝරිජි පරීසි යන තිදෙනාය.
වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනකු වන ඩේවිඩ් ජුපියස් සහ ආඩෙම් පැටපෝෂියම් අතරේ බෙදී ගියේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නොබෙල් සාහිත්‍ය සම්මානය ටැන්සානියා නවකතාකරුට