IMG-LOGO

නොබෙල් සාහිත්‍ය සම්මානය ඇමෙරිකානු කිවිඳියකට

මේ වසරේ සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ කිවිඳියක වන ලුවීස් ගුලූක් අද (8) සමත්වූවාය.

‘‘සුවිශේෂී කාව්‍ය හඬ සහ සිය කාව්‍ය තුළින් මතු කරන විශ්වීය සුන්දරත්වය’’ හේතුවෙන් ලුවීස් ගුලූක්ට සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිරිනැමූ ව ස්වීඩන ඇකඩමිය නිවේදනය කළේය.

මිත්‍යා සහ පුරාවෘත්ත පසුබිම් කර ගනිමින්, යථාර්ථවාදී කවි නිර්මාණය කළ කිවිඳියක ලෙස නොබෙල් කමිටුව ඇය හඳුන්වා දී ඇත.

සාහිත්‍ය සම්මානය හිමි වූ බව දන්වමින් ලුවීස් ගුලූක්ට දුරකතන ඇමතුම දුන් අවස්ථාවේදී ඇය ‘‘පුදුමයට’’ පත්වූයේ යැයි ද ස්වීඩන ඇකඩමිය සඳහන් කළේය.

ග්ලූක් උපත ලැබුවේ 1943 වසරේ අප්‍රේල් 22 වැනිදා ය. ඒ නිව්යෝක් නුවරදී ය. ඇය දැනට මැසචුසෙට්ස් හී ජීවත් වන අතර යේල් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීස බස පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කරයි.

ලුවීස් ග්ලුක් 1993 දී 'වර්ල්ඩ් අයිරිස්' කාව්‍ය එකතුව වෙනුවෙන් පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. 2014 දී ඇයට ඇමෙරිකානු 'ජාතික පුස්ථක' සම්මානය හිමිවූවාය. 2006 දී ඇය පළ කළ 'අවෙර්නෝ' නමැති කාව්‍ය එකතුව ඇගේ විශිෂ්ටතම නිර්මාණ එකතුව ලෙස විචාරකයන් බොහෝ දෙනාගේ පැසැසුමට ලක් වී තිබේ.

(ඒ.එෆ්.පී.)
055



අදහස් (1)

නොබෙල් සාහිත්‍ය සම්මානය ඇමෙරිකානු කිවිඳියකට

kamal Friday, 09 October 2020 06:21 AM

අපෙත් මාටින් වික්‍රමසිංහ මහත්තයා වගේ අය ඉංග්‍රීසියෙන් පොත් ලිව්වා නම්.. වෙනසක් වෙන්න ඉඩ තිබුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site