
මේ වසරේ සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ කිවිඳියක වන ලුවීස් ගුලූක් අද (8) සමත්වූවාය.
‘‘සුවිශේෂී කාව්‍ය හඬ සහ සිය කාව්‍ය තුළින් මතු කරන විශ්වීය සුන්දරත්වය’’ හේතුවෙන් ලුවීස් ගුලූක්ට සාහිත්‍ය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිරිනැමූ ව ස්වීඩන ඇකඩමිය නිවේදනය කළේය.
මිත්‍යා සහ පුරාවෘත්ත පසුබිම් කර ගනිමින්, යථාර්ථවාදී කවි නිර්මාණය කළ කිවිඳියක ලෙස නොබෙල් කමිටුව ඇය හඳුන්වා දී ඇත.
සාහිත්‍ය සම්මානය හිමි වූ බව දන්වමින් ලුවීස් ගුලූක්ට දුරකතන ඇමතුම දුන් අවස්ථාවේදී ඇය ‘‘පුදුමයට’’ පත්වූයේ යැයි ද ස්වීඩන ඇකඩමිය සඳහන් කළේය.
ග්ලූක් උපත ලැබුවේ 1943 වසරේ අප්‍රේල් 22 වැනිදා ය. ඒ නිව්යෝක් නුවරදී ය. ඇය දැනට මැසචුසෙට්ස් හී ජීවත් වන අතර යේල් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීස බස පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කරයි.
ලුවීස් ග්ලුක් 1993 දී 'වර්ල්ඩ් අයිරිස්' කාව්‍ය එකතුව වෙනුවෙන් පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. 2014 දී ඇයට ඇමෙරිකානු 'ජාතික පුස්ථක' සම්මානය හිමිවූවාය. 2006 දී ඇය පළ කළ 'අවෙර්නෝ' නමැති කාව්‍ය එකතුව ඇගේ විශිෂ්ටතම නිර්මාණ එකතුව ලෙස විචාරකයන් බොහෝ දෙනාගේ පැසැසුමට ලක් වී තිබේ.
(ඒ.එෆ්.පී.)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙත් මාටින් වික්‍රමසිංහ මහත්තයා වගේ අය ඉංග්‍රීසියෙන් පොත් ලිව්වා නම්.. වෙනසක් වෙන්න ඉඩ තිබුණා.