
මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට එක්සත් ජාතීන්ගේ ආහාර ආයතනය වන ‘ලෝක ආහාර වැඩසටහන’ අද (9) සමත් විය.
ගෝලීය කුසගින්න තුරන් කිරීම සඳහා ගන්නා ලද වෙහෙස සහ ඒ වෙනුවෙන් කරන සටන අගයමින් ලෝක ආහාර වැඩසටහනට මෙලෙස නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.
නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහනට ස්වීඩන ක්‍රවුන් මිලියන 10ක් හිමිවන අතර එය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.1ක් වේ. එම ත්‍යාග මුදල, ඩිප්ලෝමාව සහ පදක්කම ඔස්ලෝ නුවරදී දෙසැම්බර් 10 වැනිදා පිරිනැමීමට නියමිත ය.
රොයිටර්
(055)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd