මෙවර නොබෙල් සාම ත්‍යාගය ටියුනීසියාවේ ජාතික සංවාද කණ්ඩායමට ලබාදෙන බවට පසුගිය සිකුරාදා රැස්වූ නෝර්වේජියා නොබෙල් කමිටුව තීරණය කළේය.

ටියුනීසියාවේ බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ලබාදුන් දායකත්වය වෙනුවෙන් ඔවුන්ට මෙවර සාම ත්‍යාගය ලබාදීමට තීරණය කර ඇත. 2011 වසරේදී  අරාබි වසන්තය නමින් නැගී සිටිමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවූ ටියුනීසියා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් සිවිල් යුද්ධයකට ආසන්න වෙමින් සිටි රට හා සියලු ජනතාවට සමානාත්මතාවයකින් යුතුව ජීවත්වීමේ වටපිටාව සැකසීමට දායකත්වය ලබාදීමට කටයුතු කළහ.

විශේෂයෙන්ම ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකළ විප්ලවය ටියුනීසියාවේ දේශපාලනික හැරවුම් ලක්ෂයක් විය.

ගැටුම්කාරීත්වයකින් යුත් රටක අනෙක් සියලු කණ්ඩායම් සමග ඒකාබද්ධව කටයුතු කරමින් පෙරමුණු 4 ක් ලෙස ඔවුන් ක්‍රියාකළ ආකාරය අනුව ඇගයීමට ලක්ව තිබිණි.

web151009103053_tunisia_wins_nobel_prize_512x288_afp_nocredit