IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


නේපාලයට ලන්ඩන් අතහිත

නේපාල භුමි කම්පාවෙන් විපතට පත් සියලුම දෙනා සිහි කර ලන්ඩන් නුවර හවුන්ස්ලෝ නගරයේදී පැවැත්වූ අනුස්මරණය සඳහා ශ්‍රී ලංකා ජනහඬ පදනමද සහභාගී වූ බව එහි සභාපති ශ්‍රී ලාල් ඩයස් පවසයි.

හවුන්ස්ලෝ නගර සභාව මඟින් සංවිධානය කළ එම අවස්ථාව සඳහා උප නගරාධිපති නේපාල ජාතික බින්ගු ගුරුන්, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමි, හවුන්ස්ලෝ සහ බ්‍රෙන්ඵර්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන සීමා මල්හෝත්‍රා , රූත්  කැඩ්බරි, පළාතේ පොලිස් ප්‍රධානීන් සහ නගරාධිපති තුමන් අතුළු නේපාල සහ අන් ජාතික විශාල පිරිසක් සහභාගී වුහ.

හවුන්ස්ලෝ නගරයේ ජීවත්වන නේපාල ජාතික බෞද්ධ සැදැහැවතුන් විසින් පවත්වාගෙන යනු ලබන ගෞතම බුද්ධ ළමා පදනම මඟින් නේපාලයේ භුමි කම්පාවෙන් විපතට පත් ජනයා උදෙසා උපකාරි වීමට ආධාර ලබාගැනීමේ අරමුණෙන් යුතුව ජුනි 7 දා සවස විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත. එදින සවස 5 සිට රාත්‍රී 10 දක්වා හවුන්ස්ලෝ නගර සභා භූමියේදී පැවැත්වෙන මෙම වැඩසටහන මඟින් ලබාගන්නා සියලුම ආධාර මුදල් නේපාලයේ විපතට පත් අයගේ නිවාස, පාසල් ගොඩනැඟිලි සහ පුස්තකාල ආදිය යළි සකස් කිරීම සඳහා යොදාගන්නා බව උප නඟරාධිපති බින්ගු ගුරුන් පැවසිය.

හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම මෙම සියලුම වැඩකටයුතු සඳහා සම්පුර්ණ සහයෝගය සහ සහභාගීත්වය ලබාදෙන බව එහි සභාපති ශ්‍රී ලාල් ඩයස් පැවසිය.

bisnu43 bisnu50 bishnu-4 bishnu-7 bishnu-9 bisnu35 bisnu36



අදහස් (0)

නේපාලයට ලන්ඩන් අතහිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site