නේපාල භුමි කම්පාවෙන් විපතට පත් සියලුම දෙනා සිහි කර ලන්ඩන් නුවර හවුන්ස්ලෝ නගරයේදී පැවැත්වූ අනුස්මරණය සඳහා ශ්‍රී ලංකා ජනහඬ පදනමද සහභාගී වූ බව එහි සභාපති ශ්‍රී ලාල් ඩයස් පවසයි.
හවුන්ස්ලෝ නගර සභාව මඟින් සංවිධානය කළ එම අවස්ථාව සඳහා උප නගරාධිපති නේපාල ජාතික බින්ගු ගුරුන්, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමි, හවුන්ස්ලෝ සහ බ්‍රෙන්ඵර්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන සීමා මල්හෝත්‍රා , රූත් කැඩ්බරි, පළාතේ පොලිස් ප්‍රධානීන් සහ නගරාධිපති තුමන් අතුළු නේපාල සහ අන් ජාතික විශාල පිරිසක් සහභාගී වුහ.
හවුන්ස්ලෝ නගරයේ ජීවත්වන නේපාල ජාතික බෞද්ධ සැදැහැවතුන් විසින් පවත්වාගෙන යනු ලබන ගෞතම බුද්ධ ළමා පදනම මඟින් නේපාලයේ භුමි කම්පාවෙන් විපතට පත් ජනයා උදෙසා උපකාරි වීමට ආධාර ලබාගැනීමේ අරමුණෙන් යුතුව ජුනි 7 දා සවස විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත. එදින සවස 5 සිට රාත්‍රී 10 දක්වා හවුන්ස්ලෝ නගර සභා භූමියේදී පැවැත්වෙන මෙම වැඩසටහන මඟින් ලබාගන්නා සියලුම ආධාර මුදල් නේපාලයේ විපතට පත් අයගේ නිවාස, පාසල් ගොඩනැඟිලි සහ පුස්තකාල ආදිය යළි සකස් කිරීම සඳහා යොදාගන්නා බව උප නඟරාධිපති බින්ගු ගුරුන් පැවසිය.
හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම මෙම සියලුම වැඩකටයුතු සඳහා සම්පුර්ණ සහයෝගය සහ සහභාගීත්වය ලබාදෙන බව එහි සභාපති ශ්‍රී ලාල් ඩයස් පැවසිය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd