නේපාලයට ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි පැවැසෙයි.

පසුගිය ජූනි මාසයේ සිට මෝසම් වැසි සමය උදා වීමෙන් පසු, අයහපත් කාලගුණය හේතුවෙන්, මෙතෙක් මියගිය ගණන 33 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තවත් 35 දෙනකු අතුරුදන් බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

නේපාලය කඳුකර ප්‍රදේශයක පිහිටි රාජ්‍යයක් වන බැවින්, නායයෑම් රැසක් වාර්තා වෙයි. ගම්මාන කීපයක් මුළුමනින්ම නායයෑමට හසුවී ඇතැයි පැවැසෙයි.