
නේපාලය ඊයේ (6) තවත් භූමි කම්පාවකින් කැලැඹිණි. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් සටහන් කළ බව පැවැසෙයි.
නේපාලය රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක භූමි කම්පාවකින් කැලැඹුණේ පසුගිය 4 වැනිදාය. එයින් මියගිය ගණන මේ වනවිට 150 පසු කර තිබේ.
ඊයේ (6) දිනයේ නේපාලය කැලැඹූ භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි ඉන්දියාවට පවා හොඳින් දැණුනු බව වාර්තා වේ.
නේපාලය ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් භූ කම්පනවලින් බලපෑම් එල්ල වීම ස්වභාවිකය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd